A/L නිසා ශනුද්‍රි කලාවේ නැතිලු



ගායිකාවක් සහ රංගන ශිල්පියක් ලෙස ජන ප්‍රසාදයට පත් ශනුද්‍රි ප්‍රියසාද්, මේ දිනවල කලා කටයුතුවලින් තාවකාලිව ඈත්ව සිටින්නීය. ඒ ඉදිරියේදී "අ.පො.ස. උසස් පෙළ" විභාගය සඳහා සූදානම් වීම සඳහාය. පසුගිය වසර අවසානේ හා මේ වසර මුලදී ගීත කිහිපයක් එළිදැක්වූ ශනුද්‍රි අවසන් වරට රසික, රසිකාවියන් අතර ජනප්‍රිය වූයේ "ඔබේ ආදරේ" නම් ඇය කුලුඳුලේ තනිවම ගායනා කළ ගීතය හරහායි. මේ දිනවල ක්ෂේත්‍රය තුළ කතා බහා නොවන නිසාම ශනුද්‍රිව අපි සම්බන්ධ කරගත්තෙමු.

"මම අගෝස්තු මාසෙදී "අ.පො.ස උසස් පෙළ" විභාගය සඳහා පෙනී සිටින නිසා මේ දවස්වල වැඩිපුරම කරන්නෙ පාඩම් කරන එක තමයි. ඒ වගේම මේ දිනවල වාර විභාගයටත් මුහුණ දෙන නිසා ගෙදරට වෙලා පාඩම් වැඩ කරන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. "අ.පො.ස උසස් පෙළ" විභාගයට මුහුණ දෙන්න තියෙන නිසා පහුගිය අවුරුද්දේ අවසානේ ඉඳලා මුකුත්ම කලා කටයුත්තකට සම්බන්ධ වුණේ නැහැ. අන්තිමට කළේ "අපේ ආදර" කියලා ග_ප් සින්දුවක්. මේ ගීතයට මමත් එක්ක "ඩ්‍රිම් ස්ටාර්" තරුවක් වූ චේතනා රණසිංහ, තිසර පෙරේරා, කිර්ති පැස්කුවල් අංකල්ගේ පුතා කසුන් පැස්කුවල්, චන්ද්‍රිකා සිරිවර්ධන ආන්ටිගේ දුව දුල්ෂාරා හා හිරු විජේසිංහ මේ ගීතයට මාත් එක්ක ගායනා කරනවා. මේ ගීතයේ ඕඩියෝව දැනට නාළිකාවලින් අහන්න පුළුවන්. ඒ වගේම මේ ගීතයට මියුසික් වීඩියෝවක් කරන්නත් අපි ප්ලෑන් කරගෙන ඉන්නවා." 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment