ජඩේජාගේ මඟුල දෝනිට සහ රයිනාට කියලා නෑ


ඉන්දියා කණ්ඩායමේ ඉන්න තුන් ඉරියව්වෙන්ම දක්ෂකම් පාන ක්‍රීඩකයෙක් තමයි රවින්ද්‍ර ජඩේජා. තාමත් අවිවාහක ජඩේජාගේ වයස අවුරුදු 27ක්. ජඩේජාට ළඟදීම මංගල සීනු හැඬවෙන්න යනවා කියලා තමයි ආරංචිය. 
අප්‍රියෙල් මස 17 වන දින ජඩේජාගේ විවාහ උත්සවය තියෙනවා. ඔහු විවාහ වෙන්නේ ඉංජිනේරුවරියක් වන Reeva Solanki ව.
ඔහුගේ මේ සුපිරි විවාහ මඟුල් සාදයට මහේන්ද්‍ර සිං දෝනිට සහ සුරේෂ් රෙයිනාට ආරාධනා පත්‍ර ලබා දීලා නැහැ. ඒකට හේතුව මොකක්ද කියලා ජඩේජා ප්‍රසිද්ධ මාධ්‍යකට මෙන්න මෙහෙම කියලා තිබුණා.
” දෝනි සහ රෙයිනා කියන්නේ මගේ ලඟින් ඉන්න හොඳම යාළුවො දෙන්නෙක්. හැබැයි මම එයාලට ආරාධනා පත්‍ර යවන්න මහන්සි වුණේ නැහැ. මොකද එයාලට මගේ වෙඩින් එක අමුතුවෙන් කියන්න ඕනේ නෑ එයාලා මගේම අය නිසා”
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment