සමනලීගේ වැඩ කිහිපයක් එළියට

386758_215086805243038_218297398_n386758_215086805243038_218297398_n

පුංචි තිරයේ සහ සිනමාව තුළ ජනප්‍රිය චරිතයක්වන සමනලී ෆොන්සේකා පසුගිය දිනවල රංගන ක්ෂේත්‍රයේ දක්නට නොලැබුණු තරම් ය.

කෙසේ වුව ද සමනලී ෆොන්සේකා මේ දිනවල ඉතාමත් කාර්ය බහුල ජීවිතයක් ගත කරන බව තමයි ආරංචි වෙන්නේ.

ඉදිරි වැඩකටයුතු ගැන සමනලී ෆොන්සේකා මාධ්‍ය වෙත දක්වා ඇත්තේ මෙවැනි අදහසකි.

“මම රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක් එළිදැක්වීමට නියමිතයි. තුෂාරි අබේසේකරගේ ටෙලි නාට්‍යයක් විකාශනය වීමට නියමිත ව තිබෙනවා. ඊට අමතරව සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන්’ චිත්‍රපට රූගත කිරීම් අවසන් කළා. තවත් විශේෂ කාරණාවක්වන්නෙ මම රංගනයෙන් දායක වූ ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටය, ‘ප්‍රේමය නම්’ සහ ‘නිම්නයක හුදෙකලාව’ යන චිත්‍රපට ඉදිරියේ දී තිරගත වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.”

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment