ඒ.එල්.එම්.හිස්බුල්ලා මහතා සිය ඇමති තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත අද යොමුකර විදේශගතව ඇතැයි වාර්තාවෙනවා.
පසුගිය දිනවල රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් තමන්ගේ ප‍්‍රශ්න විසඳාගන්නට බැරි වුවොත් ඉල්ලා අස්වන්න යන බවට ආරංචි පැතිරී තිබුනි. නියමිත විෂය පථයන් මෙතෙක් බෙදා වෙන් නොකිරීම නිසා ඊට විරෝධය පළකරමින් තවත් රාජ්‍ය ඇමතිවරු පිරිසක් ඉදිරිදින කිහිපයෙහි දී සිය ධුරවලින් ඉල්ලා අස්වනු ඇතැයි ඒ අනුව වාර්තා වනවා.
පසුගිය කාලයේ පැවැති ඇමැති මණ්ඩල රැස්වීම් හයකදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ පිළිබඳව සාකච්ඡා කර කැබිනට් ඇමැතිවරුන්ට අයත් විෂය පථයන්ගෙන් කොටසක් රාජ්‍ය ඇමතිවරුන්ටද ලබාදෙන ලෙස ඔවුන්ට උපදෙස් ලබාදුන්නද මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නොමැති වීමත් ඔවුන්ට අමාත්‍යාංශවලට පැමිණ නිකරුණේ කාලය ගතකිරීමට සිදුව තිබීමත් නිසා මෙම පියවර ගෙන ඇත.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment