පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් අද(31) එංගලන්තයේ ලන්ඩන් නුවර රෝහලකදී විවෘත හදවත් සැත්කමකට ලක් කැරෙන බව විදෙස් පුවත් සේවා පවසයි. වසර 5ක් තුළ නවාස් ෂරීෆ්ට සිදුකරනු ලබන දෙවැනි හදවත් සැත්කම මෙය බව කියති.
පකිස්තානයේ වාර්ෂික අයවැය ඉදිරිපත් කිරීමට දින තුනක් තිබියදී අගමැතිවරයා මෙම සැත්කමට මුහුණ දෙන අතර මුදල් ඇමැති ඉෂාක් ඩාර් රජයේ වගකීම් කරට ගෙන කටයුතු කරනු ඇති බව කියති. පකිස්තාන ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා අසනීපයෙන් සිටියදී වැඩබලන අගමැතිවරයකු පත් කිරීමට නොහැකි බව පකිස්තාන රජයේ ප්‍රකාශකයකු පවසා ඇත.
මේ අතර පකිස්තාන අගමැතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දුරකථන ඇමතුමක් ලබාදී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment