ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන අනූෂ පැල්පිට මහතාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
පාර්ශව ගණනාවකින් අනූෂ පැල්පිට මහතාගේ වැඩ තහනම් කරන්නැයි ඉල්ලා ඇති බව වාර්තා වේ.
පසුගිය රජය සමයේ සිදුවූ සිල් රෙදි වංචාව ඇතුළු දූෂණ සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක චෝදනා ලබා සිටින අනූෂ පැල්පිට මහතා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පත් කිරීම හෙළා දකිමින් කැෆේ සංවිධානයද පසුගියදා නිවේදනයක් නිකුත් කළේය.
2015 ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීම සහ එම ජනාධිපතිවරණයට පෙර නීති විරෝධී අන්දමින් රැකියා ලබාදීම, නෙළුම් කුළුණ ඉදිකිරීම ආශ්‍රිත වංචා, සහ ‘විහාරස්ථාන දිනපොත‘ මුද්‍රණය සහ අපේකෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිතව ඒවා ලංකාවේ විහාරස්ථාන වෙත මැතිවරණ ප්‍රචාරය සදහා බෙදා හැරීම පිළිබද අනූෂ පැල්පිට ට එරෙහිව චෝදනා මේ වන විට නාමිකව නමුත් විභාග වෙමින් ඇතැයි කැෆේ සංවිධානය සඳහන් කරයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment