තම පවුලේ සාමාජිකයන්ට සී.එස්.එන් නාලිකාවේ අයිතියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ (30) රාත්රී හිරු නාලිකාවේ විකාශය වූ සලකුණ දේශපාලන සංවාදයට එක්වෙමිනි.
යෝෂිත රාජපක්ෂ සී.එස්.එන් නාලිකාවට සහය ලබාදුන්නේ ඔහුගේ පෙම්වතිය එහි සේවය කිරීම හේතුවෙන් බවත් ඔහු නිතරම එම නාලිකාවට ආගිය බවත් කිසියම් අයෙක් උදව්වක් ඉල්ලා සිටියහොත් හැකි පමණින් ඊට සහය ලබාදෙන බවත් නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා පැවසී ය.
පෙම්වතිය කිසියම් උදව්වක් ඉල්ලා සිටියහොත් එය ඕනෑම අයෙක් ඉටු කරන බවත් තම පවුලේ අය ගොඩක් පුද්ගලයින්ට උදව් කර ඇති බවත් මන්ත්රීවරයා සඳහන් කළේය. කාල්ටන් නමේ අයිතිය තමන්ට නොමැති බවත් එය ඕනෑම කෙනෙකුට කාල්ටන් නම භාවිත කළ හැකි බවත් මන්ත්රීවරයා පෙන්වා දුන්නේය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment