ඊයේ රාත්‍රියේ රිය අනතුරකට ලක් වූ ජවිපෙ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා එම අනතුර සිදුවන අවස්ථාවේ බීමත්ව සිට ඇතැයි මාධ්‍ය වාර්තා පලවෙයි.
වැලිකඩ පොලීසියේ අදාල සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියා සටහන් තබා ඇත්තේ ‘කටින් මත්පැන් ගඳ වහනය වේ’ යනුවෙන්ද ඒවායේ දැක්වෙයි.
රාජගිරියේ HSBC බැංකුව අසලදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදු වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගන්නා ලද මන්ත්‍රීවරයා අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද හදිසියේම ලද උපදෙස් මත පොලිස් ඇප මත මුදා හැර තිබේ.
මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට චෝදනා තුනක් යටතේ නඩු පැවරීමටද පොලීසිය කටයුතු යොදා ඇත. අනතුරට ලක්වූ රථය පදවා ඇත්තේ මන්ත්‍රීවරයා විසිනි. කෙසේ වෙතත් මන්ත්‍රී විජිත හේරත් පවසන්නේ තමාගේ අතින් අනතුරක් සිදුවූ බව සැබෑ මුත් මත්පැන් පානය කර සිටි බවට එල්ල වන චෝදනා අසත්‍ය බවයි.
තමන් මත්පැන් පානය කර සිටියේ යයි වෛද්‍ය පරීක්ෂණයෙන්ද තහවුරු කර නැති බව පවසන මන්ත්‍රීවරයා අනතුර සිදු වූයේ පාර හරහා මාරුවීමට ගිය පුද්ගලයෙකු බේරීමට ගත් උත්සාහයකදී බවද සඳහන් කරයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment