බැසිල්ටත් ශ්‍රීලනිප සංවිධායක ධූරයක්? - කිරුළපන ගිය අයට වැඩ වරදි (VIDEO)

බැසිල්ටත් ශ්‍රීලනිප සංවිධායක ධූරයක්? - කිරුළපන ගිය අයට වැඩ වරදි (VIDEO)

කිරුළපන මැයි රැළියට එක්වූ ශ්‍රීලනිප මන්ත්‍රීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම ඉදිරියේදී සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

අද(03) ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස හෙතෙම මේ බව කියා සිටියේය.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර විනය ක්‍රියාමාර්ග ගැනීම සිදුකරනු ඇතැයි ඔහු එහිදී පැවසී ය.

චෝදනා ලබා සිටින සජින් ද වාස් ගුණවර්ධන මහතා ගැන මෙන්ම කුඹුක් ගැටේදී අලුත් පරපුරේ කලාකරුවන්ට පහරදුන්නේ යැයි චෝදනා ලබා සිටින පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දිකට හිරියාලේ ආසන සංවිධායක ධුරය ලබාදීම ගැනද මාධ‍්‍යවේදීන් එහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු ලෙස ඒ මහතා පැවසුවේ චෝදනා තිබූ පමණින් කිසිවෙකු වැරදිකරුවෙකු නොවන බවයි.

එසේම කිසිවෙකුට හොඳයැයි කියා මෙතෙක් අපි කියා නැතැයිද ඒ මහතා පෙන්වාදුන්නේය.

එම ප්‍රශ්නයට මාධ්‍ය හමුවට එක්ව සිටි සන්ධාන ‍මහලේකම් මහින්ද අමරවීර මහතා ද මැදිහත්වෙමින් පිළිතුරු දුන් අතර ඔහු කියා සිටියේ සජින් වාස්  සංවිධායකවරයෙකුත් බවත්, ඔහු පක්ෂයෙන් ඉවත් කර තිබු කෙනෙකු නොවන බවත්ය.

ඉන්දික කියන පුද්ගලයා ගැනද තීරණ ගන්නේ එක් පුද්ගලයකු නොවන බවත්, චෝදනා නැති කෙනෙක් නැති බවත්, කියා සිටි ඒ මහතා  පහරදීමක් ගැන චෝදනාවක් තිබූ පමණින්ම පුද්ගලයකු ඉවත් කළ නොහැකි බව කියා සිටියේය.

මැයි රැළියට සජින් වාස් නොආ බවත්, එසේ වුවද රැස්වීම්වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට පැමිණිය හැකි බවත්, අවශ්‍ය වේලාවට තීන්දු තීරණ රැගෙන අයින් කළ හැකි බවද මහින්ද අමරවීර මහතා පැවසී ය.

චෝදනා ලබා සිටින පුද්ගලයින්ට සංවිධායක තනතුරු ලබාදෙන ආකාරයට බැසිල් රාජපක්ෂ මහතාටත් සංවිධායක කමක් දිය හැකිදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ඉල්ලුම් පත්‍රයක් දැමිය හැකි බවයි.

කෙසේ වුවද සම්මූඛ පරීක්ෂණයකට භාජන කළාට පසු කමිටුවෙන් ඒ ගැන තීන්දු ගන්නා බවද ඔහු පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment