ඉවත් කළ ආරක්ෂකයින් මහින්දට සමුදුන් හැටි (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව පිණිස සිටි හමුදා භටයින් 50 දෙනෙකු අද (02) දින ඉවත් කරනු ලැබී ය.

ඉවත් කරන ලද එම නිලධාරීන් වෙනුවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අනියුක්ත කර ඇති බව වාර්තා වේ.

එම නිලධාරීන් ප්‍රභූ ආරක්ෂාවට අවශ්‍ය විශේෂ පුහුණුව නොලත් පිරිසක් බවට හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව භාර රාජකාරී කටයුතුවලින් අද දින ඉවත් කළ හමුදා සෙබලුන් රාජපක්ෂ මහතාට වැඳ සමුගන්නා ආකාරය දක්නට ලැබුණි.

එම වීඩියෝව පහතින් නරඹන්න....


 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment