යහපාලන ආණ්ඩුවේ වැඩ ගැන නාමල් කතා කරයි (VIDEO)   

යහපාලන ආණ්ඩුවේ වැඩ ගැන නාමල් කතා කරයි (VIDEO)   

ආණ්ඩුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පිහිටුවා ආණ්ඩු විරෝධි කණ්ඩායම පිටුපස දුවන බවත් කලින් දවසේ මාධ්‍ය සාකච්ඡාවක් සූදානම් කර අත්අඩංගුවට ගන්නා පුද්ගලයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බවත් ලෝකේ කොහෙවත් එහෙම නීතියක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

යහපාලන ආණ්ඩුව පිළිබද නාමල් රාජපක්ෂ මහතා ඊයේ(31) හිරු නාලිකාවේ පැවති සලකුණ වැඩසටහනේදී මෙලෙස අදහස් දැක්වීය.

වයස අවුරුදු 88ක් වූ සිය ආච්චී පවා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ගෙන් වුවත් රාජිත ඇමතිවරයා 11 වතාවත් අල්ලස් කොමිසමට කටඋත්තර දීමට නොගිය බවද නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.

ඇතමුන්ට නීතීය ක්‍රීයාත්මක වන අතර රජයේ අයට නීතීය ක්‍රියාත්මක වන ආකාරය ගැටලු සහගත බව එහිදී මන්ත්‍රීවරයා පැවසීය.

විගණකාධිපතිවරයාගේ නියෝගයට පටහැණිව ගොස් කෝටි ගණනක ගොඩනැගිල්ලක් බදු පදනම මත ලබා ගෙන ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment