වාහන මිල වැඩි වීම ගැන නියෝජ්‍ය ඇමතිගෙනුත් ප්‍රකාශයක්

වාහන මිල වැඩි වීම ගැන නියෝජ්‍ය ඇමතිගෙනුත් ප්‍රකාශයක්

රජය මගින් වාහනවල බදු මුදල් සහ වැට් බද්ද වැඩි කළේ රටේ ජනතාව පීඩාවට පත් කිරීමට නොව රටේ ආදායම වැඩි කිරීමට බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා ඒ බව කියාසිටියේ අද (31) හැටන් ලංගම ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ය.

නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන්කළේ රට විශාල වශයෙන් විදේශයන්ට ණය වී ඇති නිසා එම ණය පියවීමට ආදායම වැඩි කර ගැනීමට සිදු වූ බවත් මෙම බදු වැඩි කිරීම මාස 6ක් වැනි කෙටි කාලයකට පමණක් සීමා කරන බවත් ය.

මේ අතර නිරීක්ෂණ චාරිකාව පිළිබඳව අදහස් විමසූ අමාත්‍යවරයාට ලංගම සේවකයින් සඳහන් කොට ඇත්තේ ලංකාවේ හොඳම ඩිපෝ අතරින් හැටන් ඩිපෝව ඉදිරියෙන් සිටින බවත් එහි ධාවන ආදායම ලක්ෂ තුන්සිය හැටක් පමණ වන බවත් ය.

හැටන් - රංජිත් රාජපක්ෂ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment