ලක් දනට බන කියන මොක් පුරට සෙත සදන පැල වත්තේ ගොං පොට් එක

මේ ලිපිය පල කලේ මීට වසරකට ඉහතදීය. එකල්හි මල් මාලා මෙන්ම ගල් වරුසා අප දෙසට යොමු විය. අද මෙම ලිපියේ සත්ය අසත්යයතාව මොනවට පැහැදිලි වී ඇත. අනුර කුමාරගේ අයර්ලන්ත කො‍ටු සවාරිය බඩුත් එක්ක මාට්ටුය වී ඇත. හිතේ අමාරුවට ගමේ කාඩරයන් ගස්න්නේ කසිප්පු කට්ටකි . නමුත් විජිත හේරත්ලා ගේ මෝල තද වූ කල අවලමේ යන්නේ නිකන් නොව කරටි කැඩෙන්ඩ විස්කි ගසාය.

පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර

Rohanaමිනිසෙක් වසලයෙකු හෝ ශාන්තුවරයෙකු වන්නේ උපතින් නොව කල්ක්රිතයාවෙන් යයි උත්තමයෙකු වරෙක දේශනා කලේය . එම දේශනාවේ කන පිට ජවිපෙ දේශපාලනයේ ලබ්දිය ලෙස විජේවීර යොදා ගත්තේය.කුල භේදය පන්ති භේදය ජවිපෙ දේශපාලනයේ පදනම විය. රෝහන විජේවීරගේ පියා මැතිවරණ සමයෙක එජාප මැර ප්රහාරයකින් ආබාදිත තත්වයට පත්වූ කොමියුනිස්ට් පාක්ෂිකයෙකි. මේ හේතුවෙන් සා.පෙල සමත් වූ පසුව විජේවීරට රුසියාවේ උසස් අධ්යාපනය හැදෑරීමට ශිෂත්වයක් ලැබින. මොස්කව් නුවර ප්රදතාපවත් රතු විප්ලවවාදීන්ගේ දේශපාලන පිලිම දැක විජේවීර මෝල් විය. විජේවීරගේ හීනමාන රෝගය උත්සන්න විය.අධ්යාපනය කඩා වැටිනි.ඔහුගේ අසාමාන්ය හැසිරීම නිසා මානසික ප්රතිකාර සදහා රෝහල් ගත කෙරිනි. යලි සිය රට බලා පැමිනියේ හිස් අතිනි.
ජනතා විමුක්ති පෙරමුණ

1965දී සගයන් කිහිප දෙනෙක් හා එක්ව දේශපාලන කල්ලියකට මුල් ගල තැබුවේය. ඒ අනුව ජ.වි.පෙ උපත සිදුවිය. පක්ෂයේ අරමුන වූයේ ලංකාවේ රාජ්ය පාලනය සියතට ගැනීමය. ධනය සහ බලය ඇති පාලකයන් පන්නා දමා දුප්පත් පංතිය බලය අල්ලන න්යා ය ඔහු ගෙන ආවේය. විප්ලවයකින් පාලකයන් පන්නා සමාජවාදී රාජ්යුක් ගොඩනගන සිතියම ක් ඉදිරිපත් කලේය . මේ කාලයේදී ශ්රේපෂ්ඨ කියුබානු විප්ලවය ලොව උඩු යටිකුරු කලේය. රතු ධජය සහ චේගුවේරා ගේ බලාපොරොත්තුවේ දෑස් උනු කැවුම් මෙන් මාකට් කල හැකි යුගයක් බිහිවිය. කල දුටු කල වල ඉසගත් විජේවීර, චේගුවේරා විකුනා සංනද්ධ අරගලයකට තරුනයන් රැස් කෙරීය.
71 අරගලය

පංති පහ නම් කියුබානු කොපිය යොදවා තරුනයන්ගේ මොල කෑවේය. විජේවීර නිර්දේශ කල පොත පත හැර අන් සියලු ප්රකාශන කියවීම තහනම් කලේය . පංති පහට ගිය ගමේ ගොඩේ තරුනයන්ට උතුර දකුන මාරු විය. තමන් යොමු කරන්නේ දංගෙඩියට බව නොවැටහිනි. තරුනයන්ගේ තීරනාත්මක දිනය එලඹින.1971 අප්රියෙල් මසදී කැරැල්ලක් මතින් රාජ්ය බලය පැහැර ගැනිමට තීන්දු විය.එහිදී පොලිස් ස්ථාන 92 කට පහරදුන් අතර තරුණ තරුණියන් දස දහසක් දෙනා මරණයට පත් වූඅතර 20,000 ක් පමණ සිරගත කෙරිණි.දූ දරුවන් ගේ වියෝ දුක දරා ගත නොහැකි වූ දෙමාපියන්ගේ එකම ලතොනියකි. මුලු රටම ලෙයින් නැහැවී ගියේය. දස දෙස ඇසෙන දුක් අදෝනා මිස විමුතියයේ සේයාවකදු නොවින .

ලක් ඉතිහාසයට එක් කල කලු පැල්ලම

JVP88ගැලූ ලේ, පිපාසිත ජවිපෙ වේලකටද මදි විය. මිලිටරිය යොදවා 71 ජවිපෙ කැරැල්ල යටපත් කලේ සිරිමාවෝ විසිනි. තම සංවිධානය මර්ධනය කල සිරිමාවෝ පැන්නීමට ජවිපෙ, එජාපය සමග අත්වැල් බැදගත්තෝය. ඒ අනුව 77 ජේආර් ගේ එජාපය බලයට පත් විය.ජේ ආර් බලයට පත් වූ සැනින් විජේවීර ඇතුලු සියලු ජවිපෙ කාඩරයන් නිදහස් කෙරීය.අනතුරුව වසර කිහිපයක් සිරිමාවොට බැන අඩගසමින් එජාපයට කඩේ ගියේය. 1983 ජවිපෙ නැවත ක්රි යාත්මක විය. ලක් ඉතිහාසයට කලු පැල්ලමක් එකතුකමින් කලු ජූලියට දායක විය. 1983 ජූලි 30 වනදා ජේ.ආර්. ගේ රජය ජවිපෙ තහනම් කලේය. සිය දේශපාලන මුග්ධ බව මොනවට පෙන්නමින් සංනද්ධ අරගලයක් සදහා රහසේ නැවත සංවිධානය විය.
88-89 අරගලය

jvps-victim-burnt-apr-8987 – 89 කාලයේ ජවිපෙ භීෂනය යලි රජ කලේය. තුවක්කුව නැවත වරක් ජනයා වෙත එල්ල කලේය. දේශද්රොහී ලේබලය අලවා අහිංසක කම්කරුවාගේ සිට සරසවි ඇදුරා දක්වා මහ මහ ඝාතනය කලේය. රජයේ ප්රතිමෙහෙයුම හමුවේ දහස් ගනන් තරුන තරුනියන් ටයර් සෑ මතින් අවසන් ගමන් ගියෝය. විජේවීරගෙන් නඩු නො අසන එජාප රජය ඔහු බාබකිව් කලේ පන පිටිනි. ජවිපෙ 89 කැරැල්ල්ද කෙලවර වූයේ අතිවිශාල ජීවිත සහ දේපල හානියක් සමගිනි. නංනත්තාරවන ජවිපෙ යලි නැගිටීමට ඩීල් එකක් දමනුයේ පැරෂුටයෙන් බසින් චන්ද්රිකා සමගිනි.අනුරලා,සෝමෙලා, විමල්ලා,විජිතලා කරලියට එන්නේ ඒ අනුවය.
පොලිට් බියුරෝව දෙකට බෙදීම

දුර්වල චන්ද්රිකා සමග ගතකල කාලයේ ජවිපෙ කරල පැහිනි.2004 පර්ලීමේන්තු මැතිවරණයේදී ජවිපෙ මන්ත්රි ධූර 39 කට හිමිකම් කීවේය.2005 චන්ද්රිකාගේ ධූර කාලය අවසන් වූ විටද ජවිපෙ කස කැවූයේ ඇය රැකගත හැකි ව්යවස්ථා මගඩියකටය. බල සම්පන්න දකුනේ මහින්ද කෙරේ ජවිපෙ පසුවූයේ අනියත බියකිනි.නමුත් එල්ටීටීය සමහ ගිවිසුමක් ගසා රට දෙකඩ කල රනිල් සමග ඩීල් එකක් දැමිය හැකි පසුබිමක් ජවිපෙට නොවීය.. විමල්ගේ පිල සහ , අනුරගේ පිල ලෙස පොලිට් බියුරොව දෙකට බෙදුනි. විමල්ගේ මතවාදයට ජය ලැබිනි. ඒ අනුව 2005 මැතිවරණයේ දී ජවිපෙ මහින්ද හා එක් විය.
මහින්දගේ ආගමනය

2005 ජනපතිවරනය ජයගත් මහින්ද ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි දෙමින් ඉදිරියට ඇදුනි.යුද්ධයේ තීරත්මක ආරම්භයේදී ජවිපෙ සිටියේ ආන්ඩුවේ ගෙල සිරකිරීමේ තැතකය.වරෙක එන්ජී කුක්කන්ගේ සහ සුදු ඒජන්තයින්ගේ ජරාව කා රජයෙන් ඉවත් වීමට තීරනය කොට තිබින.කුමාර් රූපසිංහලා, බටහිර තානාපති ප්රජාව මහින්දගේ ආන්ඩුව වැටෙනු දැකීම්ට පසු වූයේ ඇගිලි ගනිමිනි.නමුත් විමල් ඇතුලු පර්ලීමේන්තු මන්ත්රීන් 11 ජවිපෙ කඩා ගෙන ගොස් මහින්දට එක්වීමත් සමගම දුෂ්ට සැලසුම ව්යාර්ථ විය.එදා ජවිපෙ සැලසුම ක්රියාත්මක වී නම් අද අප මේ කියවන ඉතිහාසය මීට හාත්පසින් වෙනස් වනු ඇත.
ෆොන්සේකාට දුන් ලනුව

Sarath_F_LNW2010 ජනාධිපතිවරණය එලබෙත්ම පැන්ශන් යාමට ඔන්න මෙන්න සිටි ෆොන්සේකා සොයා ගිය ජවිපෙ ලනුවක් ගිල්ලවීය . දේශපාලනය පිලිබද මෙලෝ හසරක් නොදත් ආමි කාරයෙකු මහින්ද සමග සටනට ගෙන ආවේය.මහින්ද පැරදවීමට කොන්දේසි විරහිතවම ජවිපෙ රනිල් සමග එකට සිට ගත්තේය. ෆොන්සේකා පසු පසද ක්රියාත්මක වූයේ ද රෝ ඔත්තු සේවයයි. ජවිපෙ රෝ බලල් අතක් විය. සිය සේනාධිනායකයාට කොකා පෙන්නු ෆොන්සේකා පිලිබදව ඉන්දියන්කාරයා පසු වූයේද දෙගිඩියාවෙනි . මැතිවරන සමයේ කල කී සියලු දෑ පටිගත කල අතර , ෆොන්සේකා සමග කරන ගනුදෙනු සියල්ල ලිඛිත ගිවිසුම් හරහා පමනක් කරන ලෙස ද්රවිඩ ජාතික සංධානයට දැනුම් දී තිබුනි. 2010 මැතිවරණයෙන් ෆොන්සේකාට වැලේ වැල් නැති විය.ෆොන්සේකා හා නිදි වැදුනු ජවිපෙ මාරු වූයේ පැදුරත් නොකියාය.
අයියෝ සිරිසේන සමග

Sirisena_LNWමහින්දගේ චීන මිත්රත්වය දිනෙන් දින වර්ධනය විය. එය ඉන්දියාවෙ ඇසට කටු අනින්නාක් විය.ජගත් ප්රජාව ඉදිරියේ මහින්දෙගේ වූ සෘජු බව සුද්දන්දටද හිසරදයක් විය.ඇමෙරිකානු සහ එංගලන්ත සුද්දන්ට මහින්ද පෙනුනේ තමන්ගේ ගෙයි එලිපත්තට පැමින අභියෝග කරන චන්ඩියකු ලෙසිනි. මේ අතර ඉන්දියාව මහින්දගේ ගෙල සිදීමට අලුගෝසුවන් සොයමින් පසුවිය.චන්ද්රිකා මේ සදහා ඉදිරිපත් වනුයේ ස්වේඡාවෙනි.දේශපාලකයන් දමනයට , මාධ්ය කරුවන් මිලදී ගැනීමට , සමාජ ජාලා හැසිරවීමට අවශය මුදල් චන්ද්රිකා අතට ලැබින. ආරක්ෂක අංශ වල සංඛ්යාතයට හසු නොවන සැටලයිට් දුරකථන 20 ක්ද ඒ අතර විය. ජවිපෙ ටේස්ට් එක දන්නා චන්ද්රිකා ඔවුන්ගේ මුදල් ලංසුව සහ සැටලයිට් දුරකතන 2ක් ආරම්භයේදීම ලබා දුනි. සිරිසේන රැගෙන එන මෙහෙයුමට ජවිපෙ දේශපාලන මන්ඩලයේ අනුමැතිය ලැබුනු පසු ඔවුන් වෙත කරන දෙවන ගෙවීම සිදු විය.තුන්වැනි ගෙවිම සිදුවනුයේ මැතිවරන විය හියදම් වෙනුවෙනි.

කුප්ප දේශපාලනය

2015 මැතිවරණයේදී මහිදගේ කඩේ වසා දමමු යයි ජවිපෙ කිවේය . සිරිසේන – රනිල් රිරී හත් පොලේ ගාන විට ගැලරිය පිනවීමට ආන්ඩුව පතුරු ගසයි. ජවිපෙ කරනුයේ අරූට මූට බැන අඩගසමින් තමන්ගේ ගොඩ වැඩි කරගන්නා කුජීත දේශපාලනයකි. රට අරාජික කොට තම අරමුන සොයා යන ජවිපෙ තක්කඩි දේශපාලනය මෙයයි. එපමනක් නොව තමන්ගේ කුට්ටිය ලැබෙනම් ඕනෑම කොන්ත්රාතුවක් ඉටුකිරීමට බසුබට නොවන පිරිසකි.ඩීල් දේශපාලනය නිසා අද ජවිපෙ ජාවාරම්කාරයින්ගෙ ,විදේශ ඒජන්තයින්ගේ, කුඩ්ඩන්ගේ,රාත්රී සමාජශාලා හිමියන්ගේ ඔඩොක්කුවට වැටී ඇත.

හක්කෙ බුදුරැස් බොක්කෙ දඩ මස්

AnuraK1988 අංක 74 දරන වත්කම් බැරකම් ප්රකාශ කිරීමේ සංශෝධිත පනත අනුව පාර්ලිමේන්තු මන්ත්රිවරුන් පමණක් නොව, සියලූ දේශපාලන පක්ෂවලද වත්කම් හා බැරකම් ප්රකාශනයට අදාලව නීති රීති පනවා ඇත. මේ අනුව ඉන් වැළකී සිටීම,තොරතුරු සැගවීම හෝ බොරු තොරතුරු ලබාදිම හත් අවුරුද්දක සිරදඬුවමක් නියම කළ හැකි වරදකි. සුදු නෙලුමක් සේ පෙනී සිටින ජවිපෙ ඕනෑම අලුගුත්තේරු වැඩක් කොට මුදල් සෙවීමට නොපැකිලෙයි. මාෆියා පන්නයේ ඩීල් මගින් ජවිපෙ වෙත ලැබෙන සල්ලි කුට්ටි බොහොමයක් ලැබෙනුයේ පක්ෂ නායකයා අතටය. නො එසේනම්, මුදල් සම්ප්රේශනය කරනුයේ ඔහු ලබා දෙන ගිනුමකටය. එදා කාඩරයන්ගේ කැට සල්ලි රුපියලේ සිට මෙදා ජාවාරම් ඩොලර් කුට්ටි දක්වා ජවිපෙ නායකයන්ගේ කම් සැප නිවීමට අවභාවිත වෙයි.ගමේ ගොඩේ මරණාධාර සමිතික් වුවද සිය සාමාජිකයන්ගේ දැන ගැනීම පිනිස අය වැය වාර්තාවක් ඉදිරිපත් කරයි.ජවිපෙ වැනි ලේ පිපාසිත පක්ෂයකට මුදල් ලැබෙන මාර්ග දැනගැනීමට සාමාජිකයන්ට පමනක් නොව පොදු ජනතාවටද අයිතියක් ඇත.

ජනතාව ඇන්දවීම

ජව්පෙ නායකයන් තම තමන්ගේ මුල් නිවෙස් එදා වූ පරිදිම රක්ෂා කර තබා ගනියි.ඉද ගැනිමට එහි ඇත්තේ ලී පුටු කිහිපයක් පමනි.සැතපීමට ඇත්තේ කොහු මෙට්ටය. නා නා ප්රකාර මැෂින්, කොම්පියුටර් එහි නැත.මේ සියල්ල සමග එහි දිවි ගෙවනුයේ කොටු පැනීම වැරදුනු තැන කරේ එල්ලා ගත් අඹුවය.වැඩ අධික රතු සහෝදරයා මෙහි එන්නේ කලාතුරකිනි. විටෙක ඔහු පැමිනෙන්නේ සිය අල්පේච්ච නිවස පිලිබද මාධ්ය සංදර්ශනයක් තැබීමටය. ගේ දොර සහ ඇදවුනු අඹුව පෙන්වා ජනතාව රවටන සහෝදරයන් හොර අඹුවන් සමග වසනුයේ සුපිරි නිවාස වලය.අඹු දරුවන්ටද මේ සියල්ල රහසක් නොවුවද නොදන්නා සේ සිටින්නේ ඔවුන්ටද යහමින් හම්බකර ගොඩ ගසා ඇති නිසාය.

ගස් යන වැරදි.

ජවිපෙ නායකයින් කියන්නේ තමන්ට ආණ්ඩුවෙන් ලැබෙන වැටුප් පක්ෂ අරමුදලට පරිත්යාග කොට නොමිලේ ජනතාවට සේවය කරන බවය. මොවුන්ගෙන් බහුතරය මීට පෙර සිකියුරිටි රක්ෂාවක් හෝ කර නැත. ඔවුන්ගේ පළමු රස්සාව ජනතාව අන්දවා ලබා ගත් මන්ත්රිකමය . වැටුප් නොලබන නමුත් මොවුන් සම්බන්ද විදේශ මුදල් ගනුදෙනු, සම්ප්රේෂණ වාර්තා ලියවී ඇත්තේ මිලියන ගනනිනි. අඹු දරුවන් නමින් තැනු රහස් බැංකු තැන්පතු, කොටස් ආයෝජන පිලිබද සාක්ෂි සහිතය. හොර අඹුවන් නමින් මිලදී ගත් සුපිරි නිවාස, රථ ගායට දුන්නා වූ වාහන,හාන්සි වීමට ගිය විදේශ සංචාර සැගවිය නොහැක. මංත්රී වැටුපත් දන්දෙනවා කියන ජවිපෙ මහ උන්ට මේ කෙලි කිරීමට මුදල් ලැබුනේ කෙසේද. වත්කම් බැරකම් නීතිය අනුව මේවා ගස් යන වැරදිය.

මාෆියා ගේම්

ANURAමෑතදී ඇන්කර් සමාගමේ කිරි විෂ සහිත බවත් ඒවා වර්ජනය කල යුතු බවට දේශපාලකයන්ගේ ගෝරනාඩුවක් විය. මෙහි ප්රධාන කසකරුවකු වූයේ ජවිපෙය. ඇන්කර් මව් ආයතනය වන ෆොන්ටෙරාහි එවනක් වාර්තා වූයේ අවුරුදු ගනනාවකට පෙරය. එය වාර්තා වූ සැනින් ෆොන්ටෙරා ආයතනය අදාල ඛාන්ඩය නැවත කැදවා විනාෂ කර තිබුනි. කරුනු කෙසේ වුවද් කිරි වල විෂ අන්තර් ගතවීනම් ඒ පිලිබද හඩ නැගිය යුත්තේ වෛද්යවරු, රසායන විද්යාඥයන් වැනි දැනුම් තේරුම් ඇති අයය. නමුත් මෙහි සැබවින්ම සිදුවූයේ අත යට ගනුදෙනුවකි. ජවිපෙ සිදුකලේ ලකී යෝගට් සමාගමින් සහ තවත් ආයොජකයෙකු ලබා දුන් කොන්ත්රාත්තුවකි.

මහරාජාගේ පක්ක්කාලි සේවය

Kili_maharaja_LNWජවිපෙ යනු සිරසේ මහරාජාට ඕනෑම පක්කාලි වැඩක් කිරීමට සැදී පැහැදී සිටින පිරිසකි. චීන රජය සහ ශ්රි ලංකා රජය අතර අත්සන් තැබු ගිවිසුම අනුව ‘පෝට් සිටි’ ව්යාපෘතිය දිගටම සිදු කරන සිරිසේනගේ ආණ්ඩුව ප්රකාශ කළ විට ජවිපෙ නායකයා පාර්ලීමෙන්තුවෙදී සහ ඉන් පිටත විරොධය පල කෙරීය.මෙම විරෝධය පසුපස වූයේ මහරාජාගෙන් ලද කොන්ත්රාත්තුවකි.මහරාජාට අවශ්ය වූයේ තම මාධය ජාලය හා ජෙප්පන් වැනි කුලියට කහින බත් බැලයන් යොදවා චීන සමාගම භය කොට ගාන කපා ගැනීමය.තම තමන්ගේ ජරාව ලැබුනු පසු විරෝධය අත්හැරියා පමනක් නොව” රටම රොද බදින රන් භූමි” වැඩසටහන හරහා චීන සමාගමට සුදුහුනු ද ගෑවේය.

කප්පම් ගැනීම

අධිකරණය මගින් අත් හිටුවා තිබූ ඇවන්ගාඩ් නිස්සංකගේ විදේශ ගමන් බලපත්රය ඔහුට ලැබුනේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ මැදිහත්වීමෙන් බව නිසා බව කරුනු කාරනා සහිතව දිස්විය. ඒ අනුව ක්රියාත්මක වූ අනුර කුමාර විජේදාසට කථා කොට ඒ පිලිබදව ප්රශ්න කලේය. තමන්ට මුනිවත රැකීමට නම් කෝටි 5 ක මුදලක් දිය යුතු බව අනුර කුමාර කියා සිටියේය. ජව්පෙ ඉල්ලීම ඇවන්ට් ගාඩ් නිස්සංකට දැන්වූවද ඊට යහපත් ප්රතිචාරයක් නො ලැබිනි. ඒ අනුව විජේදාස, අනුර කුමාර ගහ බැන ගැනීම ඇරඹුනි. ඒ සමගම ජවිපෙ කෑ මි2.5 ක පැරනි ජරාවක් හෙලි කලේය. ආරවුල තිව්ර වත්ම රනිල් ඉදිරියේ වැද වැ‍ටුනු අනුර සමථයකට ගියේය. 2010 සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්යාපාරය සඳහා ලබා දුන් අරමුදල් ජවිපෙ සිය භාවිතය සඳහා යටි මඩි ගැසූ බව ප්රයසිද්ද රහසකි. වරෙක අනුරකුමාර සහ සුනිල් හඳුන්නෙත්ති ‘කැරොකේ වසන්ත‘නම් අංක එකේ ජාවාරම්කාරයා සමග සිටින ජායාරූප ප්රසිද්ධවිය.

වැව් දහසක සංවර්ධනය

2004 සන්ධාන රජයේ සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ කැබිනට් ඇමැති වූයේ ජවිපෙ විජිත හේරත්ය. වාර්මාර්ග හා ඉඩම් ඇමැති වූයේ ජවිපෙ අනුර කුමාර දිසානායකය.ලක් බිමේ අතීත රජ දරුවන් වැලලූ ධන සම්පත පිලිබද නිදන් වදුලු සතු වූයේ විජිත හේරත් සතුවය. නිදන් වදුලු රහසේ පැන්නු ඔවුන් අනුර කුමාරගේ වාරි මාර්ග අමාත්යය හරහා වැව් දහසක් සංවර්ධනය මුවාවෙන් නිදන් හෑරීය.වැව් බැමි, බිසෝ කොටු උගුල්ලමින් කාඩරයන් නිධාන ගොඩ ඇදීය ජනතා විමුක්ති පෙරමුනේ ගරු කටයුතු ඇමතින් වී අයි පී ලෝන්ච් හරහා රට යනවිට වටිනා කියන මුතු මැනික්ද ගෙන යාමට අමතක නොකලේය.

ලෝකල් ඩීල්

ජවිපෙ සමග දමන ඩීල් විවිධාකාරය. ඇතැම් ඩීල් සදහා දේශපාලන මන්ඩලයේ අනුමැතිය ගත යුතුය. ඇතැම් ඩීල් නයකයාට ජරාව දීමෙන් පමනක් සිදුකල හැක. ඇතැම් ඩීල් නායකයාට පහල ස්ථර හරහාද සිදුකල හැක. තරහා කාරයෙකුගේ බිස්නස් එකක් වනසා දැමීමට අවශ්ය නම් ජෙප්පන් කල්ලියට භාර දිය හැක. උද්ගෝෂන මගින් හෝ වෙනයම් ක්රමයකින් ඔවුන් එය කරනු ඇත. ජවිපෙ ජරා කපුටන් දිවයින පුරා විසිරී ඇත.. මුස්ලිම් කාන්තාවකගෙන් ලද ජරාවකට යටවී රුසියන් තානාපති කාර්යාලයට අයත් භූමියකට අනවසරයෙන් කඩා වැදි සිදුවු අලකල්ංචිය උදාහරනයකි. ලංකාවේ පෝස්ටර් ඇලවීමේ හොදම යාන්ත්රනය ජවිපෙ සතුය. ඕනෑම පෝස්ටර් ඇලවීමේට ඩීල් එකක් ජවිපෙ කාඩරයන් සමග දැමිය හැක. ඇලවීම පමනක් නොව විරුද්ධ මතයක් දරන ඕනෑම පෝස්ටරයක් ගැලවීමෙ කොන්ත්රාතුද ජවිපෙ ඉටු කරයි.

ජවිපෙ මොටිසෝරිය

සිසු අධ්යාපනය කඩාකප්පල් කිරීම තුලින් බොරදියේ මාළු බෑමේ ක්රමවේදය ජවිපෙ විසින් එදා සිට අද දක්ක්වාම කරගෙන යන්නකි. ජවිපෙ මොටිසෝරිය හෙවත් අන්තරයට බඳවා ගන්නේ අව වරප්රසාධිත, හීනමානය පහසුවෙන් වගා කල හැකි, පන්ති වෛරය මත ඕනෑම දෙයක් කිරීමට නොපසුබට සිසුන්ය. අන්තරයේ සිසුන් විභාග අසමත්වන අධ්යාපනික වශයෙන් කුජිත වුවන්ය අන්තරයේ අසික්කිත වැඩ අතර නවක වධය ප්රධානය. මෙය එක් අතකින් තමන්ගේ අසීලාචාර වැඩ වලට නවක සිසුන් නම්මවා ගැනීමේ තොන්ඩුවකි.

විකෘති දේශපාලනය

JVP_LEDවසරක් පාසා සිසුන් කැට හොල්ලමින් හිගමනේ යවයි,පෙලපාලි උද්ගෝෂන මෙහෙයවයි, , සිසුන් හා ආචාර්ය වරුන් අතර සම්බන්ධය කඩා බිඳ දමයි. විකෘති දේශපාලන මතවාද සිසුන්ගේ ඔලු තුලට බලෙන් කාවද්දයි. අන්තරයට ඉංග්රීසි අරහංය. අන්තරයට අනුව කොලඹ යනු ධනවාදී ඒජන්තයින්ගේ බලකොටුවයි, ගම සුපිරිසිදු දේශප්රේමීන්ගේ නිජ බිමයි.රටක උසස් අධ්යාපනය යනු එහි අනාගත සුරක්ෂිතබවෙහි ප්රධානම සාධකයයි. රටේ දියුණුව හා ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මෙම ක්රියාවලියෙන් බිහිකරන ප්රතිඵල මතය. නමුත් ජවිපෙ එදා සිට අද දක්වාම සෙල්ලම් කරනුයේ අති සංවේදී මේ සාධකය සමගය.
රෑ දනියෙල් දවල් මිගෙල්

අනුර කුමාර ජවිපෙ නායකත්වට පත්වේ යයි කාඩරයන් කිසිවකු සිතුවේ නැත. 89 ජවිපෙ නැගිටීම තුල අනුර යනු පතෝල චරිතයකි. නමුත් එදා සිටම මොහු රෑ දනියෙල් දවල් මිගෙල් චරිතයකි. කොළඹ පැලන්තියේ මොහු ප්රසිද්ධ ඩීල් කුමාර ලෙසය. වෙනතක් තබා සිය සහෝදරයාගේ අඹුව සමගද කොටු පනින ඇම්ඩෙකි. . 89 කාලයේ ගෝනි සෙල්ලම් දමා පන ගැටගහගත් අනුර පක්ෂය තුල ඉදිරියට එන්නේ ඩීල්ද ඩීල් වල අනුහසිනි. වරෙක රෝ ඉත්තෙකි, තවත් වරෙක එක්.ජී.ඕ කුක්කෙකි. බටහිර තානාපතියන්ගේ පදයට නටමින් 2005 මැතිවරණයේදී මහින්ද සමග එක් නොවිය යුතු ස්ථාවරයෙ සිටියේ අනුර කුමාරය. යුධ ක්රියාන්විත්ය අතරතුර මහින්දගේ අන්ඩුවෙන් එලියට බැසීමේ ජවිපෙ පෙලිවෙත පසුපස සිටියේද අනුර කුමාරය.

ආයාසයෙන් වසන් කරන සම්බන්ධය

අනුර කුමාර දිසානායක සමග පැවැත්වූ සත්යාගාරය වැඩසටහනේදී කෑගල්ල අඟුරුවැල්ලේ විසූ වල්ලිඅම්මා රාජමුණි නම් ඉංග්රීසි ගුරුවරිය ගැන විමසයි. ඒ අන්කිසිවකු නොව අනුර කුමාර ඉංග්රීසි උගත්තාවූ කුමාර් ගුනරත්නම් ගේ මවයි .අනුර කුමාර සහ කුමාර් ගුනරත්නම්ගේ යටගියාව ආයාසයෙන් වසන් කරන කරුනකි. ඒ අන්කිසිවක් නිසා නොව අනුරගේ යටගියාවේ කුපාඩි ඩිල් වසන් කිරීමටය.එම තත්වය සත්යාගාරය වැඩසටහනේදී මොනවට පැහැදිලිවුනි. අනුරට පසු ඊලග වැඩසටහනට ගෙන් වූයේ කුමාර්වය. සංනස්ගල බලාපොරොත්තු වූයේ ගුනරත්නම් හරහා අනුර කුමාර කොටු කිරීමය.

රනිල්ගේ කඩේ බඩු

ANURAK_RANIL_LNWකුමාර් ගුනරත්ත්නම් සමග සංවාදය විශේෂ ස්ථානයක පටිගත කෙරිනි. අනුර කුමාර කොටුකල හැකි වගන්ති ඉස්මතුකල සන්නස්ගල රනිල් හමුවීමට ගියේය. වැඩසටහනේ කොපියක් අනුරට යැව්වේය. එය විකාෂනය නොකිරීමටනම් ජවිපෙ සහාය එජාපය වෙත පිහිටා කටයුතු කරන ලෙසට දැන්වීය. අනුර නැමති සත්වයා හීලෑ විය. එජාප අගුපිලේ ලැග වැටෙන දෙයක් කා විසීමට එකග විය. කුමාර් ගුනරත්නම් සමග පටිගතකල සත්යාගාර වැඩ සටහන විකාශනය අත්හිට වුනේ ඒ අනුවය

 

ජවිපෙ ජනතාවට ලබා දුන් විමුක්තිය

Anura_LNW1ජවිපෙ විසින් ලක් ජනතාවට ලබා දුන් විමුක්තිය කුමක්ද ? ලක් දේශපාලනයේ චරිත කලු සුදු ලක්ෂණ වලින් යුතු බව අවිවාදිතය. ඒසේම ඒ ඒ යුගවල යම් ප්රතිලාභ ජනතාවටට ලබාදුන් බවද බවද අවිවාදිතය . ඩී එස් සේනානායක ගොවි ජනපද ඇති කළේය. ඩඩ්ලි වගා සංග්රාමය දියත් කළේය. බණ්ඩාරනායක දේශීය චින්තනය ගෙන ආවේය. සිරිමාවෝ ජනසතුකරණය ගෙන ආවේය. එන් එම් හා කොල්වින් වැඩකරන ජනතාවට සහන ලබා දුන්නේය. ජේ ආර් මහවැලිය කළේය. ප්රේමදාස උදාගම කළේය.මහින්ද රාජපක්ෂ යුද්දය නිම කළේය. නමුත් ජවිපෙ උද්ගෝෂණ , වර්ජන ,ඝාතන, තරුණයන් බිලි දීම, දේපොළ ගිනි තැබීම, කප්පම් ගැනීම ,මාෆියා ඩීල් සහ කුහක දේශපාලනය මිස සාධනීය යමක් ජනතාවට දුන්නේද ?

…..විශේෂ ලියුම් කරු කීර්ති රත්නායක…

දෙස් විදෙස් දේශහිතෛශී ශ්රී ලාංකිකයනි අපමණ බාධක මැද පවතවාගෙන යන http://ift.tt/1shITMt වෙබ් අඩවියට ඔබගේ සහයෝගය අවැසිම මොහොතයි මේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment