මහින්දගේ 02වැනිදා මාතරදී නෙලූම් මලෙන් අලූත් ගමනක් අරඹයි..

ඒකාබද්ද විපක්‍ෂය විසින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ නායකත්වයෙන් යුතුව පිහිටුවන බව කියන නව පක්‍ෂය එන ඔක්බතොම්ර් 02 වැනිදා මාතර වැලිගමදී පැවැත්වෙන ජනරැළියකදී එළිදැක්වෙන බවට ඉගි පලවෙයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සංවිධානය කර ඇති මෙම රැළිය සදහා ඒකාබද්ද විපක්‍ෂයේ සියළු පාර්ලිමේන්තු පළාත් සභා මන්ත‍්‍රීවරැන් සහභාගී වනු ඇතැයිද වාර්තා වෙයි.

මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ ‘අරගලයට පණ පොවන නව ගමනට ඔබ සූදානම්ද’ මැයෙන් දැක්වෙන වීඩියෝවෙන් මතුකර පෙන්වන්නේ නව දේශපාලන බලවේගයේ ලාංඡනය නෙළුම් මල බවකි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment