මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල, හම්බන්තොට වරාය සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පාලනය බාර ගැනීමට විදේශීය සමාගම් 19ක් ඉදිරිපත් වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පාලනය බාර ගැනීමට සමාගම් 7ක්ද, හම්බන්තොට වරායේ පාලනය බාර ගැනීමට සමාගම් 2ක්ද, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පාලනය බාර ගැනීමට සමාගම් 10ක්ද රජය වෙත යෝජනා ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. ඉන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පාලනය බාර ගැනීමට යෝජනා ඉදිරිපත් වී ඇති සමාගම් 7න් ඉසෙඩ් පී (IZP) නමැති චීන සමාගම විශේෂ ප්‍රතිචාරයක් දක්වා ඇතැයි වාර්තා වේ.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පාලනය සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය විසින් කැඳවන ලද යෝජනා අනුව මෙම සමාගම් සිය යෝජනා ඉදිරිපත් කර තිබේ.
මේ අතර හම්බන්තොට වරායේ පාලනය බාර ගැනීමට එම වරාය ඉදිකල චයිනා හාබර් සමාගම හා කොළඹ දකුණ වරාය ඉදිකළ චයිනා මර්චන්ට් සමාගම ඉදිරිපත් වී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මින් චයිනා මර්චන්ට් සමාගම චීනයේ ප්‍රකට නැව් සමාගමක් බවද වාර්තාවේ. එහෙත් මෙම සමාගම් තුනේ පාලනය කුමන සමාගම්වලට බාර දෙන්නේද යන්න මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් මෙම ආයතන තුනේ ඇති ණය ප්‍රමාණය බාරගෙන එහි පාලනය කරගෙන යාමට ඉදිරිපත් වන සමාගම්වලට ඒවායේ පාලනය බාර දෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.
0 comments :
Post a Comment