ත්‍රස්තවාදී කණ්ඩායම් 2ක් ගැන බෙංගමුවේ නාලක හිමි කතා කරයි (VIDEO)

ත්‍රස්තවාදී කණ්ඩායම් 2ක් ගැන බෙංගමුවේ නාලක හිමි කතා කරයි (VIDEO)

රණවිරුවන්ට සහ විරුද්ධ දේශපාලනඥයින්ට දඬුවම් කිරීමේ වැඩපිළිවෙල වෙනුවට රජය රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව දේශප්‍රේමී භික්ෂු සංවිධානයේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (29) පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේදී එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට විශ්‍රාමික මේජර් විමල් වික්‍රමගේ මහතාට අධිකරණය විසින් නියම කරනු ලැබූ රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල පිරිනැමීමේ අවස්ථාවට සහභාගීවෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ හිමියන් කියාසිටියේ මේ වනවිට මෙරට තුළ පොලිස් ත්‍රස්තවාදය සහ අධිකරණමය ත්‍රස්තවාදය ලෙස ත්‍රස්තවාදී අංශ 02ක් පවතින බවත් එම අංශ විසින් රණවිරුවන්ට හා ඔවුන්ට විරුද්ධ දේශපාලනඥයින්ට දඬුවම් කිරීමේ වැඩපිළිවෙලක් ගෙනයන බවත්ය.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment