ගෝඨාගේ නඩුවට මහින්ද අධිකරණයට 

ගෝඨාගේ නඩුවට මහින්ද අධිකරණයට 

ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ හැරීම මගින් රජයට රුපියල් බිලියන 11.4 ක මුදලක පාඩුවක් සිදු කළැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට පෙනී සිටීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හත්දෙනෙක් අද(30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියහ.

ඔවුන්ට අද අධිකරණයේ පෙනී සිටින ලෙස මීට පෙර නොතීසි නිකුත් කර තිබිණි.

නොතිසි නිකුත් කෙරුණු ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න මහත්මිය අධිකරණ භූමියට මෙතෙක් පැමිණ නැතැයි වාර්තාවේ.

මේ අතර මේ වනවිට අධිකරණ භූමියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පැමිණ සිටින බව අප වාර්තාකරු සඳහන් කළේය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment