වව්නියාවේ ගින්නකින් අක්කර 20ක් දැවෙයි (PHOTOS)

වව්නියාවේ ගින්නකින් අක්කර 20ක් දැවෙයි (PHOTOS)

වව්නියාව පූවර්සන්කුලම් ප්‍රදේශයේ වෙලාන්කුලම් ශිවනගර් රක්ෂිතයෙහි ඊයේ (20) හටගත් ලැව් ගින්නක් හේතුවෙන් රක්ෂිත කැලෑවේ අක්කර 20කට ආසන්න ප්‍රමාණයක් ගිනිගෙන ඇති බව ගින්න මැඩපැවත්වීමට දායක වූ වොලාන්කුලම් ගුවන් හමුදා කඳවුරේ සෙබලුන් ප්‍රකාශ කරයි.

ඊයේ දහවල් 1.00 ට පමණ හටගෙන ඇති මෙම ලැව් ගින්න ප්‍රදේශවාසීන් දැක ඇත්තේ දහවල් 2.00ට පමණ වන අතර පසුව එම අවස්ථාවේදිම ප්‍රදේශවාසීන් විසින් ලඟම පිහිටි වේලාන්කුලම් ගුවන් හමුදා කඳවුරට දැනුම් දීමෙන් පොලීසිය, යුද හමුදා සෙබළුන් හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබේ.

කෙසේවෙතත් මාර්ග අසල ගින්න මැඩපැවත්වුවද කැලෑවට ඇවිලී තිබූ ගින්න සහිත ප්‍රදේශයට වතුර බවුසර රැගෙන යාමට අසීරු වීම හේතුවෙන් ගින්න නිවා දැමීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇති අතර පැය 4ක පරිශ්‍රමයකින් පසුව ගින්න සම්පූරණයෙන්ම මැඩපැවත්වීමට හැකී වී ඇත.

මේ දිනවල වව්නියාවට නියඟයක අවධානමක් පවතින බැවින් ලඳු කැලෑ හෝ ගෙවතුවල ද ගිනි තැබීමෙන් වලකින ලෙසට ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඡායාරූප පහතින්.

 

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment