වොෂින්ටන් නුවර සාප්පු සංකීර්ණයක වෙඩි තැබීමකින් 3 ක් මරුට

ඇමරිකාවේ වොෂින්ටන් නුවර බර්ලින්ටන්හි සාප්පු සංකීර්ණයක සිදුවූ වෙඩි ප‍්‍රහාරයකින් තිදෙනෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

රයිපලයක් අතැති අලූපැහැ ඇඳුම් ඇඳගත් නාඳුනන පුද්ගලයෙකු සාප්පු සංකීර්ණයට ඇතුළුවී මෙම පඟාරය එල්ල කර පළාගොස් තිබේ. මියගිය තිදෙනාම කාන්තාවන් වූ අතර පිරිමි දෙදෙනෙකු තුවාල ලැබුවා. පඟාරය සිදුවූයේ සිකුරාදා ඇමරිකානු වේලාවෙන් සවස 7 ට පමණය.
මෙය ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් ලෙස සැකයට භාජනයවී ඇති අතර ඒ ගැන පරීක්ෂණ පැවැත්වෙයි.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment