ටියුෂන් දැරියගේ කඳ අවසර නැතිව පොටෝ ගැහුවයි සෙබළා අත්අඩංගුවට


කහටගස්‌දිගිලිය බස්‌ නැවතුම්පළේදී දහහත් හැවිරිදි බාලවයස්‌කාර පාසල් සිසුවියකට හොරෙන් පෙරේදා (22 දා) ඇගේ හිසෙන් පහළ ශරීරයේ කඳ කොටසේ පමණක්‌ ඡායාරූප ලබාගත් බව කියන චෝදනාවක්‌
සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළකු කහටගස්‌දිගිලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිසුවිය විසින් පොලිසියට කළ පැමිණිල්ලක්‌ මත සැකකරු පෙරේදා (22 දා) සවස කහටගස්‌දිගිලිය නගරයේ පිහිටි බස්‌ නැවතුම්පළේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.



කහටගස්‌දිගිලිය, අඹගහවැව ප්‍රදේශයේ පදිංචි එම සිසුවිය පෞද්ගලික උපකාරක පංතියකට සහභාගිවීම සඳහා බස්‌ රථයක්‌ පැමිණෙන තුරු බස්‌නැවතුම්පළේ රැඳී සිටියදී සැකකරු ඇයට හොරෙන් ඇගේ ඡායාරූප ලබාගෙන ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

මඩකලපුව, වෙන්නිලයිකර්නි ප්‍රදේශයේ නාවික හමුදා කඳවුරක සේවයෙහි නියුතු සැකකරු කහටගස්‌දිගිලිය, රත්මල්ගහවැව ප්‍රදේශයේ පදිංචි විසිඅට හැවිරිදි වියේ පසුවන්නෙකි.

ඔහු නිවාඩු ලබා නිවසට පැමිණ සිටින අතරතුර මෙසේ එම සිසුවියගේ ඡායාරූප ලබාගෙන ඇත.

මේ අනුව බාල වයස්‌කාර ගැහැනු ළමයෙකුට මානසික කම්පනයක්‌ ඇතිවන පරිදි රහසිගතව ඇගේ ඡායාරූප ගෙන අඩන්තේට්‌ටම් කිරීම යන චෝදනා යටතේ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

වෙනත් තරුණියකගේ ඡායාරූපයක හිස කොටස සහ පැමිණිලිකාරියගේ කඳ කොටස එකට බද්ධකොට සම්පූර්ණ රුවක්‌ සකසා අන්තර්ජාලයේ මුහුණ පොතට හෝ වෙනත් සමාජ වෙබ් අඩවි හරහා සිසුවිය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ප්‍රචාරය කිරීමට සැකකරු උත්සාහ කළේද යන්න පිළිබඳව කහටගස්‌දිගිලිය පොලිසි යේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක බී. එම්. අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි. සැකකරු ඊයේ (23 දා) අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment