මේ වනවිට රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කර ඇති වැඩ වර්ජනය අතහැර සියළුම නිළධාරීන්ට සේවයට වාර්තා කරන ලෙස දන්වා ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්. ඩී. සී. අමරතුංග මහතා ප්‍රකාශ කළේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු නිලධාරීන් ඕනෑම අවස්ථාවක සූදානම් බවයි.
කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා කම්කරු සේවකයින්ගේ සේවා ව්‍යවස්ථාව ඇතුළු සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට එකඟතාව පළ කර තිබියදීත් මෙලෙස වැඩවර්ජනය අඛණ්ඩව සිදු කිරීම අසාධාරණ බව ඒ මහතා තවදුරටත් පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම වැඩ වර්ජනයට සහභාගී වී අැත්තේ කම්කරු දෙපාර්තමේන්තුවේ 2,500කට ආසන්න සමස්ත සේවක පිරිසෙන් 350ක පමණ සේවකයින් පිරිසක් බවත් එම නිසා කම්කරු දෙපාර්තමේන්තුවේ දෛනික රාජකාරී කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදු වන බවත්ය.
0 comments :
Post a Comment