වර්ග නොකළ කසළ එකතු නොකිරීමට මහ නගර සභා තීරණය කරයි

වර්ග නොකළ කසළ එකතු නොකිරීමට මහ නගර සභා තීරණය කරයි

ලබන නොවැම්බර් මස පළමු වැනිදායින් පසුව වර්ගීකරණය නොකළ කසළ එක්රැස් නොකිරීමට දිවයිනේ සියලුම මහ නගර සභා තීරණය කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

අද(29) පෙරවරුවේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

එම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශය ලේකම් කමල් පද්මසිරි මහතා සහ දිවයිනේ සියලුම මහ නගර සභා තුළ නාගරික කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබේ.

ඒ අනුව මෙම තීරණය නිවාස, වෙළෙඳසැල්, පාසල්, රෝහල් සහ රාජ්‍ය ආයතන යන සියල්ලටම අදාළ වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේය.

කසළ බැහැර කිරීමේ දී දිරන කසළ, නොදිරන කසළ සහ ප්ලාස්ටික් වීදුරු ලෙස වර්ග තුනකට වෙන්කළ යුතු වෙයි.

අක්‍රමවත්ව කසළ බැහැර කිරීම හේතුවෙන් කසළ කළමනාකරණයේ දී මහ නගර සභාවලට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවන බව එම සාකච්ඡාවේ දී අනාවරණය වී ඇත.

මාර්ගයේ කසළ බැහැර කරන්නන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම සඳහා පරිසර පොලීසිය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment