ලසන්ත ඝාතන සැකකරු යළිත් රිමාන්ඩ්

ලසන්ත ඝාතන සැකකරු යළිත් රිමාන්ඩ්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුධ හමුදා සාජන් මේජර්වරයා ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මෙහොමඩ් සහබ්දීන් මහතා නියෝග කර තිබේ.

ඒ අද (29) ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මේ අතර අදාළ සාජන් මේජර්වරයාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් සොයාබැලීමට යුධ හමුදාව විසින් විශේෂ අධිකරණයක් පත් කළ අතර එහි වාර්තාව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

සැකකාර හමුදා සාජන් මේජර්වරයා කොහුවල යුධ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කර ඇති අතර ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතන වු කාලසීමාවන්ට අදාළ එහි නිවාඩු ලේඛන අස්ථානගතව ඇති බව එම වාර්තාවෙන් අනාවරණය කර තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment