එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසිවාරය අද (13) ආරම්භ වේ.
අමෙරිකාවේ නිව්යෝර්ක්හිදී ආරම්භ වන මෙම සැසිවාරයේ රාජ්‍ය නායකයින්ගේ සමුළුව ලබන 20 වන දින ආරම්භවීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන 21 වනදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහත්වරුන් සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ 71 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ලබන 18 වන දා නිව්යෝර්ක් බලා පිටත්ව යාමට නියමිතය.
සැසිවාරයට සමගාමීව රාජ්‍ය නායකයින් රැසක් සමග ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.
මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 33 වන සැසිවාරය අද ආරම්භ වීමට නියමිතය.
ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර දි ආරම්භ වන මෙම සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චෝදනා විමර්ශනය සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණය ගැන සාකච්ඡා නොකෙරෙනු ඇති බව වාර්තා වේ.
0 comments :
Post a Comment