ගුරුවරියන්ගේ හිංසනය ගැන කියන්න මානව හිමිකම් ගිය කොළඹ බාලිකාවේ සිසුවිය


කොළඹ බාලිකා පාසලක සිසුවියක් කෘර සහ අවමන්සහගත සැලකිල්ලට භාජන කෙරුණේ කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂික අධිකාරිය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙන වෙනම
විමර්ශන දෙකක් ආරම්භ කර ඇත.
පස් වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන එම සිසුවිය විදුහලේ ගරුවරියන් කිපදෙනකු විසින් පත්ති කාමරයේදී මෙසේ කෘර සහ අවමන්සහගත සැලකිල්ලට භාජන කර ඇතැයි දැරියගේ මව විසින් කරන ලද පැමිණිලිවල සඳහන් වේ.
එම සිසුවිය මේ වනවිට

පාසල් අධ්‍යාපන කටයුතුවලට යොමු කළ නොහැකි තරමට මානසික පීඩාවට ලක්වී ඇතැයි ද එනිසා ඇය මාස දෙකකට අධික කාලයක් තිස්සේ පාසල් යාම නතර කර ඇතැයිද ඇයගේ මවගේ පැමිණිල්ලේ සඳහන් වේ.
තමා ද එම විදුහලේ ගුරුවරියක හැටියට කටයුතු කළේ යැයි ද මෙසේ තම දියණියට නොමනා අයුරින් සලකන්නේ තමාගෙන් පලිගැනීමේ උපක්‍රමයක් හැටියට යැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.දැරිය මානසික අපයෝජනයට හා නොසලකාහැරීමට ලක්ව ඇතිදැයි සොයා බැලීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන කණ්ඩායමක් අදාළ පාසලට පිටත් කිරීමට නියමිත බව එහි නිලධාරියෙක් පැවසිය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරයට ලැබෙන පැමිණිලිවලින් වැඩිම සංඛ්‍යාවක් ලැබෙන්නේ කෘර සහගත සැලකීම් සම්බන්ධයෙන් යැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
(බිඟුන් මේනක ගමගේ)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment