බම්බලපිටිය කෝටිපතියාගේ ඝාතන සැකකරුවන් යළි රිමාන්ඩ්

බම්බලපිටිය කෝටිපතියාගේ ඝාතන සැකකරුවන් යළි රිමාන්ඩ්

බම්බලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් ලබන 13 වෙනිදා දක්වා යළිත් බන්ධනාගාර ගත කර තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කොට තිබේ.

ඒ, අද (29) එම සැකකරුවන් 09දෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මොහොමඩ් සුලෙයිමාන් නමැති මෙම ව්‍යාපාරිකයා පසුගිය අගෝස්තු 22වනදා රාත්‍රියේ සිය නිවස අසළදී කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබූ අතර ඉන් දින කිහිපයකට පසු ඔහුගේ මළ සිරුර මාවනැල්ල ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී සොයාගැණුනි.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස සිද්ධියට අදාළ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගැණුනේ අදාළ ව්‍යාපාරිකයාගේ ගිණුම් සහායකයා ලෙස කටයුතු කළ පුද්ගලයා වන අතර ඝාතනයට සහාය දැක්වූ කොළඹ ප්‍රදේශයේ කම්කරුවන් කිහිපදෙනෙකු සහ ප්‍රධාන සැකකරුගේ මිතුරන් කිහිපදෙනෙකු සෙසු සැකකරුවන් ලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment