ගල් අඟුරු වංචාව ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්  

ගල් අඟුරු වංචාව ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්  

නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී රජයේ නිලධාරීන් විෂමාචාර සිදුකර ඇති බව සඳහන් කරමින් අද (29) දූෂණ විරෝධී පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් භාර දුන්නේය. 

මෙම අවස්ථාවට දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන්, එහි ලේකම් සහ අධ්‍යක්ෂ ජේ.ඒ වික්‍රමසිංහ සහ අකලංක හෙට්ටිආරච්චි යන මහත්වරු එක්ව සිටියහ. 

ගල් අඟුරු වංචාවට අදාල සියලු සාක්ෂි සහ සාධක ඇතුළත් කොට මෙම පැමිණිල්ල භාර දුන් බවත් රජයේ නිලධාරීන් 1954 අංක 11 දරණ අල්ලස්  පනත හා 1994 අංක 19 දරණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත උල්ලංඝනය කරමින්  ගල් අඟුරු මිලදී ගැනීමේදී විෂමාචාර සිදුකර ඇති බවත් මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය. 

ගල් අඟුරු මිලදී ගැනීමට මුවාවී මෙම රජයේ නිලධාරීන් බරපතල ලෙස මහජන මුදල් ගසාකමින් සිටින බවද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment