හිටපු කොටි සාමාජිකයින් පිරිසක් නිදහස ලබයි (PHOTOS)

හිටපු කොටි සාමාජිකයින් පිරිසක් නිදහස ලබයි (PHOTOS)

යුද්ධයෙන් පසුව ආරක්ෂක අංශ වෙත භාරවූ 12,000කට ආසන්න හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පුනරුත්ථාපතය කිරීමේ ක්‍රියාවලියේ අවසන් අදියරයක් ලෙස අද (29) එලෙස පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයින් 04දෙනෙකු නිදහස් කිරීම වව්නියාව, පූන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරේදී සිදුවිය.

වව්නියාව පූන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපන වෙමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගෙන් 04දෙනෙකු මෙසේ නිදහස් කොට ඔවුන්ගේ දෙමව්පියන් හා ඥාතීන් වෙතට භාරදුන් අතර පුනරුත්ථාපන කඳවුරේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගෙන් මේ වනවිට ඉතිරිව ඇත්තේ තවත් 15 දෙනෙකු පමණි.

පුනරුත්ථාපනයවූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සමාජගත කිරීමේ මෙම උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවූයේ පූන්තොට්ටම පුනරුත්ථාපන කඳවුරේ සම්බන්ධීකරණ නිලධාරී කර්නල් එම්. ඒ. ආර්. හැමිඩෝන් මහතායි.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment