හෘද පෙනහළු නිවේශකයින් විසින් ඉල්ලා සිටින ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය එකඟතාව පළ කර තිබේ.
එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ වන විට විදෙස්ගතව සිටින සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වර්ජනයේ නිරත හෘද පෙනහළු නිවේශකයින්ගේ සංගමයේ නියෝජිතයින් අමතා ඔවුන්ගේ ගැටළු පිළිබඳ සාකච්ඡා කළ බවයි.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත ඔවුන්ගේ ඉල්ලීම් සළකා බලා ඒවාට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හෘද පෙනහළු නිවේශකයින්ගේ සංගමය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යවරයා දිවයිනට පැමිණීමෙන් අනතුරුව සාකච්ඡා කර කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවට එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇත.
මේ හේතුවෙන් රෝගීන් පිළිබඳ සලකා වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන ලෙස ඔහු හෘද පෙනහළු නිවේශකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
වැටුප් විශමතා ගැටළු කිහිපයකට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් කොළඹ ජාතික රෝහල, කරාපිටිය හා මහනුවර ශික්ෂණ රෝහල යන රෝහල්වල හෘද පෙනහළු නිවේශකයින් පසුගිය සඳුදා සිට මෙම වර්ජනයේ නිරතව සිටී.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී හෘද පෙනහළු නිවේශකයින්ගේ සංගමයේ සභාපති මංගල ජයසිංහ මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපිය තම සංගමය වෙත ලැබී තිබුණ ද සිය ඉල්ලීම් වලට ස්ථීර විසඳුමක් ලබාදෙන තුරු සිය වර්ජනය අවසන් නොකරන බවයි.

0 comments :
Post a Comment