බන්ධනාගාරය තුලදිම ප්‍රබලයෙකු මරන්න යහපාලන කුමන්ත්‍රණයක්!

බන්ධනාගාරගතව සිටින වරදකරුවේකු ඝාතනය කිරිම සදහා යහපාලන රජයේ ප්‍රබලයන් කුමන්ත්‍රණයක් යෙදීසිටින බවට තොරතුරු අනාවරණය වි ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.

දරුණු මිනි මැරුම් ඇතුළු අපරාධ ගණනාවකට වරදකරුවන් වී මරණ දඬුවම ලබා වැලිකඩ සිර ගෙදර සිටින අපරාධකරුවෙකු සමග අදාළ කුමන්ත්‍රණයේ එක් සමාජිකයෙකු මිට දින දෙකකට පෙර බන්ධනාගාරය තුලම හමුවි ඇති අතර පැය භාගයකට ආසන්න කාලයක් සාකච්ඡා කර තිබේන අතර ඔහු සහ ඔහු ගණුදෙනු කරන ලබන කණ්ඩායම සම්බන්ධයෙන් කල නිරික්ෂණ වලදි අප වාර්තාකරු අනාවරණය කරගෙන ඇත්තේ බන්ධනාගාරය තුලදි යම් වරදකරුවෙකුව සිටින වත්මන් ආණ්ඩුවට යම් බලපෑමක් එල්ල කලහැකි අයෙකු ඝාතනය කිරිමට උත්සහයක් යෙදි සිටින බවයි.

බන්ධනාගාරයට ගොස් අදාළ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට මැදිහත් වන පුද්ගලයා මිට පෙර අවස්ථා ගණනාවකදි නීතිය හමුවේ වරදකරුවෙකු වි ඇති වත්මන් යහපාලනයට සම්බන්ධ කලින් සිටි ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යධුරයක් දරණ මන්ත්‍රීවරයෙකු සමග සමීප සබඳතාවයක් පවත්වන අයෙකු බව අප ආරක්ෂක වාර්තාකරු තහවුරු කරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් ආනාවරණය වි ඇති අතර ඒ පිළිබඳව ඉදිරියේදි අනාවරණය කිරිමට අප සුදානමින් සිටි.

 



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment