කොරියා භාෂා ප්‍රවීණතා විභාගයට දින නියම කෙරේ

කොරියා භාෂා ප්‍රවීණතා විභාගයට දින නියම කෙරේ

කොරියා භාෂා ප්‍රවීණතා විභාගයට අදාළව පළමු පරීක්ෂණය ඔක්තෝම්බර් පළමුවනදා සහ දෙවනදා යන දින දෙක තුළ පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම විභාගය කොළඹ නගරයේ විභාග මධ්‍යස්ථාන 04කදී පැවැත්වීමට නියමිත බවයි.

ඒ කොළඹ රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය සහ අශෝක විද්‍යාලය යන විදුහල්වලය.

මෙවර එම විභාගව සඳහා අයදුම්කරුවන්  22 353 ක් පෙනී සිටී.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment