ලාංකික වන්දනාකරුවෙක් දඹදිව දී අතුරුදන්

ලාංකික වන්දනාකරුවෙක් දඹදිව දී අතුරුදන්

ඉන්දියාවේ බෝපාල්හි වන්දනා ගමනක් සඳහා යමින් සිටි ශ්‍රී ලාංකිකයකු ආන්ද්‍රා ප්‍රදේශ්හි දී අතුරුදන්වී ඇතැයි වාර්තා වේ.

මෙසේ අතුරුදන් වී අැත්තේ ඩබ්ලිව්. ස්ටීවන් රත්නායක නමැති 78 හැවිරිදි පුද්ගලයෙකි.

ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගේ පැමිණිල්ලක් අනුව එරට රජයේ දුම්රිය පොලිසිය මේ වනවිට ඔහු සොයා පරීක්ෂණ පවත්වයි.

ස්ටීවන් රත්නායකගේ පුතා වන නිශාන්ත රත්නායක මහතා ප්‍රකාශ කළේ තම පියා උඩුගම්පොළ පදිංචිකරුවකු බවයි.

ඔහු වන්දනාකරුවන් 125 දෙනකු සමග දින 15ක් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සිද්ධස්ථාන වන්දනාමාන කිරීම සඳහා සංචාරයකට එක්ව සිටියේය.

ඔවුන් කටුනායක ගුවන්තොටුපළේ සිට චෙන්නායි දක්වා පැමිණි බවත් ඔහු පැවසීය.

එම කණ්ඩායම පසුගිය ඔක්තෝබර් 15 වැනිදා තමිල්නාඩු එක්ස්ප්‍රස් දුම්රියේ ආසන වෙන්කරගෙන තිබිණි.

ඒ අනුව දුම්රියෙන් විජයවාඩ වලට පැමිණ ඇති අතර ඔවුන් පසුදින අලුයම 4.30ට පමණ දකුණු ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ වාරන්ගල්හි දුම්රිය නවත්වන විට ස්ටීවන් රත්නායක මහතා අතුරුදන්ව ඇතැයි දැනගන්නට ලැබී ඇතැයි කියයි.

වාරන්ගල් සිට තෙලංගානා ප්‍රාන්තයේ අගනුවර වන හයිද්‍රාබාද් නුවරට දුර කිලෝමීටර් 147කි.

විජයවාඩ පොලිසියේ ස්ථානාධිපති ටී.සිරිනිවාස් රෙඩ්ඩි මහතා 'ද හින්දු' පුවත්පතට ප්‍රකාශ කොට ඇත්තේ පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි දුම්රිය පොලිසියේ සටහන් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත්ය.

චෙන්නායි නුවර මධ්‍යම දුම්රියපොළේ සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කළ බවත් එහිදී ස්ටීවන් රත්නායක මහතා ඔක්තෝබර් 15 වැනිදා එම දුම්රියපොළට පැමිණ ඇති බවට තහවුරුවී ඇති නමුත් ඔහු දුම්රියට නැගුණු බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ද පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කොට තිබේ.

පසුදින අලුයම විජයවාඩ පැමිණි දුම්රිය අංක 10 වේදිකාවේ නතර කළ බවත් එහිදී ද ඔහු පැමිණි බවට සාක්ෂියක් නැති බවත් වාර්තා වේ.

ස්ටීවන් රත්නායක මහතා හැර සෙසු වන්දනා නඩය දින 02 කට පෙර යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment