වසර 11 කට පසු කමල් හසන්ගේ සහකාරිය ඔහු හැරයයි


දකුණු ඉන්දීය සිනමාවේ ප‍්‍රකට නළු කමල් හසන්ගේ සහකාරිය ලෙස පෙනී සිටින ගෞතමී තදිමල්ලා වසර 11 ක සබඳතාවය අතැර ඔහුගෙන් වෙන්වන බව නිවේදනය කර තිබේ.

දික්කසාදවූ විවාහ දෙකකින් පසු කමල් හසන් ඇය සමග එකට ජීවත්වීම ආරම්භ කර තිබුනේ 2005 වසරේදී වන අතර ඇය හා නීතියෙන් විවාහවී තිබුනේ නැත.


ගෞතමී විසින් පවත්වා යන බ්ලොග් අඩවියකින් ඇය කමල් හසන්ගෙන් වෙන්වීම දන්වා ඇත්තේ තමාට පෙර පැවති විවාහයේ දියණියගේ අනාගතය ගැන බලන්නට අවශ්‍ය නිසා මේ තීරණය ගන්නා බවත් කමල් සමග ඊට ඉඩක් නැති බවත්ය.
කමල් හසන්ටත් ෂෘටි හසන් හා අක්ෂරා හසන් ලෙස දියණියන් දෙදෙනෙකු සිටින අතර එම දෙදෙන පෙර විවාහයන්ගේ දරුවන්ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment