'අර්ජුන්ට සාධාරණය ඉෂ්ට කරන්නැයි ඇමති අජිත් ඉල්ලුවා' - සටන සජීවි විකාශය උණුසුම් වෙයි (VIDEO)

'අර්ජුන්ට සාධාරණය ඉෂ්ට කරන්නැයි ඇමති අජිත් ඉල්ලුවා' - සටන සජීවි විකාශය උණුසුම් වෙයි (VIDEO)

බැදුම්කර වංචාව හා කෝප් කමිටු අවසන් වාර්තාව ගැන සාකච්ඡාවට ගත් සිරස රූපවාහිනියේ ඊයේ(01) රාත‍්‍රියේ විකාශය වූ ‘සටන’ දේශපාලන වැඩසටහන අතරතුරදී උණුසුම් වාද විවාද හටගෙන තිබේ.

ඒ හේතුවෙන් අද(02) අලූයම 02.30 පමණ වන තෙක් එම සජීවි වැඩසටහන පවත්වාගෙන යාමටද සිදු විය.

එම සාකච්ඡාව සඳහා කෝප් කමිටුවේම නියෝජිතයින් සිව් දෙනෙකු සහභාගී වූ අතර ඒ අනුව කෝප් කමිටු සභාපති, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා හා එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා හා සභාපතිවරයාගේ වාර්තාවේ පා සටහන් නැති කොටස වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මෙම දේශපාලන වැඩසටහනට එක්ව සිටියහ.

මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කිරීම් මෙන්ම විපක්‍ෂ මන්ත‍්‍රීන් දෙදෙනාගේ දැඩි අදහස් දැක්වීම් හමුවේ එජාපයේ කෝප් කමිටු සාමාජිකයින් වූ නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙපල උණුසුම් ලෙස අදහස් පළ කළේය.

එහිදී කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අතර ඉතා දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදු විය.

“තමාගේ සාක්ෂි සටහන පෙන්වුවොත් ෆ්‍රන්ට් ඔෆීස් එකෙන් කතාකරලා. ප්‍රාථමික බැඳුම්කරුවෙකුගෙන් විමසනවා බිලියන 10ක් ගන්නවනම් ඔබලාගේ රේට් එක කීයද කියලා. ඕක තමයි ලීක් වෙච්ච එක ක්‍රමයක්. එහෙම තියෙන බව මම ඔප්පු කරනවා. ඔප්පු කලොත් ඔබතුමා සභාපතිකමෙන් ඉල්ලා අස්වෙනවද නැද්ද“ යන්න අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා අභියෝගයක් එල්ල කළේය.

ඊට පිළිතුරු දුන් කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පැවසූයේ “ මේගොල්ලන්ට ඊලඟට වෙන්න ඕන වැඩේ ඔන්න ඕකයි. මම අස්වෙන්නේ නෑ. අස්වෙන්නෙම නෑ. හැබැයි මම ඒක ඔප්පු කරනවා හැබැයි මම අස්වෙන්නේ නෑ.“

මේ අතර හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සාධාරණය ඉෂ්ට කරන ලෙස නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා කළැයි කියන ප්‍රකාශයක් ගැනද සුනිල් හදුන්නෙත්ති කෝප් සභාපතිවරයා අතර උණුසුම් තත්ත්වයත් ඇතිවිය.

“එයාට සාධාරණය ඉෂ්ඨ කරන්න. ඔයා කිව්වේ නැද්ද. ඔයා මගේ ඇස් දෙක දිහා බලාගෙන කියන්න. අර්ජුන් මහේන්ද්‍රන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න කිව්වද. නැත්තේ මොකද.“ යනුවෙන් සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment