මහින්දගේ නව පක්ෂය ‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ’ සලකුණ පොහොට්ටුව


මහින්දගේ නව පක්ෂය ‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ’ 
සලකුණ පොහොට්ටුව

පසුගිය දීර්ඝ කාලය පුරා පැවති වාද විවාද අවසන් කරමින් ශ්‍රි ලංකා නිදහස් පක්සයේ පිල් බෙදීම ස්ථිර කරමින් මහින්ද රාජපක්ෂ මූලිකත්වය ගත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පැවති පක්ෂයක් නවීකරණය කරමින් කණ්ඩායමක් බිහිකරන්නට අවසරය ඉල්ලා ඇත. අපේ ශ‍්‍රී ලංකා නිදහස් පෙරමුණ ‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ’ ලෙස නම වෙනස් කර එහි සභාපතීත්වයට මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පත්ව ඇති බව වාර්තා වේ.
නීතිඥ සාගර කාරියවසම් එම පෙරමුණේ ලේකම්වරයා ලෙස කටයුතු කෙරෙන අතර මල් පොහොට්ටුව’ නව පක්‍ෂයේ ලාංඡනයයි.
දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ
හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ


මහතාගේ උපන් දිනය යෙදෙන නොවැම්බර් 18 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන පක්ෂය ලෙස ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ අනුරාධපුරයේදී එළි දැක්වීමට නියමිත බවයි.
මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර යන මහත්වරු නව සන්ධානය ගොඩනැඟීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන අතර ඊට එක්වීම සඳහා තවත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් සාකච්ඡා ආරම්භ කර ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment