මහින්දගේ අලුත් පක්ෂය මැතිවරණ කොමිසම පිලිගනී - පක්ෂයේ සභාපති ධූරය ජී.එල්. පීරිස්ට

මහින්දගේ අලුත් පක්ෂය මැතිවරණ කොමිසම පිලිගනී - පක්ෂයේ සභාපති ධූරය ජී.එල්. පීරිස්ට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව පක්ෂය සදහා මැතිවරණ කොමිසමේ අනුමැතිය හිමිව ඇත.

පසුගිය බ‍්‍රහස්පතින්දා නව පක්ෂය මැතිවරණ කොමිසමේ ලියාපදිංචිය සදහා ඉදිරිපත් කොට ඇති අතර අදාල පක්ෂය ලියාපදිංචි පක්ෂයක් ලෙස පිළිගන්නා බව මැතිවරණ කොමිසම මගින් නෙලූම් මාවත මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත දැනුම් දී ඇතැයි වාර්තාවේ.

ඒ අනූව නව පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙසත් එහි ලකුණ නෙලූම් පොහොට්ටුව ලෙසත් ලියාපදිංචි කොට තිබේ.

එහි සභාපති ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නම් කර ඇති අතර එහි ලිපිය මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර තිබේ.

නව පක්ෂය අනුරාධපුරයේදී එළි දැක්වීමට නියමිතයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment