මන්නාරමේ STF කඳවුර ඉවත් කරයි (PHOTOS)

මන්නාරමේ STF කඳවුර ඉවත් කරයි (PHOTOS)

මන්නාරම - තලෙයිමන්නාරම ප‍්‍රධාන වීදියේ පිහිටා තිබූ විශේෂ කාර්ය බලකා කඳවුර ඊයේ (01) දිනයේ සිට ඉවත් කර ඇති අතර එම කඳවුර මන්නාරම පරයානංකුළම් ප‍්‍රදේශයේ ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම තලෙයිමන්නාරම ප‍්‍රධාන වීදියේ පිහිටා තිබූ එම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අතිරේක ගබඩාව වව්නියාව, කුරුක්කල් පුදුකුළම විශේෂ කාර්ය බලකා කඳවුර වෙත ගෙන ගොස් තිබේ.

මෙලෙස ඉවත් කර ඇත්තේ යුද සමයේ අවසන් කාලේදී මෙන්ම යුද්දයෙන් පසුව ද වසර 08ක පමණ කාලයක් පවත්වාගෙන ගිය කඳවුරක් වන අතර පසුගිය කාල සීමාව තුළ මෙම කඳවුර ඉවත් කරන ලෙස දෙමළ ජාතික සන්ධානය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් විරෝධතා ව්‍යාපාර ද දියත් කළේය.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment