අර්ජුන මහේන්ද්‍රන් හෙට යළි මෙරටට

අර්ජුන මහේන්ද්‍රන් හෙට යළි මෙරටට

විවාහ මංගල උත්සවයකට සහභාගිවීම සඳහා විදේශගත වූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා හෙට (03) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

සිය සමීපතම මිතුරකුගේ පුත්‍රයකුගේ විවාහ මංගල උත්සවයක්‌ සඳහා ඒ මහතා පසුගිය බ්‍රහස්‌පතින්දා (27) ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බලා පිටත්ව ගියේය. 

මෙම මංගල උත්සවයට තමන් දිවයිනෙන් පිටව යන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් කලින්ම දැනුම් දී තිබිණි.

මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර හිටපු මහ බැංකු අධිපතිවරයා රටින් පැන ගිය බවට විපක්‍ෂයේ මන්ත්‍රීන් චෝදනා කළ ද මාසයකට පමණ පෙර සිය මිත්‍රයාට දුන් පොරොන්දුවක්‌ ඉටුකිරීම සඳහා හෙතෙම දිවයිනෙන් බැහැරව ගොස්‌ ඇත.

මේ අතර බැඳුම්කර සිද්ධිය පිළිබඳව මහ බැංකුව සකස් කළ වාර්තාව මුදල් මණ්ඩලය වෙත ලබාදී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඊයේ (01) ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසී ය.

ඔහු වැඩිදුරටත් පැවසූයේ මේ සම්බන්ධයෙන් ලබන සිකුරාදා දිනයේදී තීරණයක් ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment