අර්ජුන මහේන්ද්‍රන් ආ විගස අල්ලන්න - ඒකාබද්ධ විපක්ෂය (VIDEO)

අර්ජුන මහේන්ද්‍රන් ආ විගස අල්ලන්න - ඒකාබද්ධ විපක්ෂය (VIDEO)

මහා බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කිරීමට නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව එ්කාබද්ධ විපක්ෂය පවසයි.

ඊයේ (01) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.

එ් සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ මේ වනවිට විදේශ ගතවී සිටින, මෙම මුදල් වංචාවට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපතිවරයා වන අර්ජුන මහේන්ද්‍රන් මහතා දිවයිනට පැමිණෙන අවස්ථාවේදීම අත්අඩංගුවට ගතයුතු බවත් එම කටයුත්ත නිමවන තෙක් ඔහුට විවිධාකාරයෙන් රැකවල් සැපයූ අග්‍රාමාත්‍යවරයා තම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්ය.

මේ අතර ස්වාධින වෘත්තිකයින්ගේ විද්වත් එකමුතුව විසින් ඊයේ (01) පෙරවරුවේ අල්ලස් හා දුෂණ විමර්ශණ කොමිෂන් සභාවට ලිපියක් භාර දෙනු ලැබීය.

ඔවුන් එමගින් ඉල්ලා සිටියේ මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කඩිනම් කරන ලෙසයි.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment