බොදුබල සේනාවෙන් චෝදනාවක් (VIDEO)

බොදුබල සේනාවෙන් චෝදනාවක් (VIDEO)

අමෙරිකානු තානාපති කාර්යාලයේ අවශ්‍යතාවක් අනුව මෙරට බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කිරීමේ වැඩපිළිවෙලක ඇතමුන් නිරතව සිටින බවට බොදුබල සේනා සංවිධානය චෝදනා කරයි.

ඊයේ (01) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියන් මේ බව ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඥණසාර හිමියන්," සරත් විජේසූරිය කියන මහාචාර්යවරයා කියනවා වහාම බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කරන්න කියලා. මොකටද, උතුරත් නැගෙනහිරත් මුළු රටක් සන්සුන් කළේ මේ රටේ බුද්ධි අංශ හා හමුදාව එකතු වෙලා. එතකොට අද ඔය ආවා ගෘෘප් හරි ගියා ගෘෘප් හරි පුනරුත්තාපනය නොලබපු අය තමයි උතුරේ මේ නැගිටින්නේ. මේ මොංගල් ආණ්ඩුවේ මංගල සමරවීර මෙයා තමයි මේක පිටිපස්සේ ඉන්නේ. විදේශීය බලවේගවල බොහොම පහසු ගොදුරක් මෙයා.එයාලා හැසිරෙන විදියට තමයි මේ රටේ වැදගත් තීන්දු ගන්නෙත්. ඇත්ත කතාව ඒක." යනුවෙන් කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ ප්‍රකාශ කළේ උතුරේ සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියාත් සමඟම මෙම පිරිස විසින් වහාම බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කරන ලෙසට දකුණේ මතයක් නිර්මාණය කරන බවත් ඒ සඳහා අමෙරිකානු එම්බසියෙන් මුදල් ලැබෙන බවත්ය.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment