විග්නේෂ්වරන් ජාතික ක්‍රීඩා උළෙල වර්ජනය කරයි

විග්නේෂ්වරන් ජාතික ක්‍රීඩා උළෙල වර්ජනය කරයි

ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ඊයේ (29) යාපනය දොරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

දින 04ක් පුරා පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල අවසන් වන්නේ ලබන 02 වෙනිදාය.

ඊයේ පස්වරුවේ පැවති සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස කතානායක කරූ ජයසූරිය මහතා සහභාගීවූ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාට ආරාධනා කර තිබුණද ඔහු එම අවස්ථාවට සහභාගීවීම වර්ජනය කර තිබේ.

ජාතික මහා ක්‍රීඩා උළෙලක් සඳහා උතුරු පළාත සත්කාරකත්වය ලබාදෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment