බංග්ලාදේශ නාවික හමුදා නෞකා 2ක් කොළඹ වරායේ

බංග්ලාදේශ නාවික හමුදා නෞකා 2ක් කොළඹ වරායේ

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් පුහුණු නෞකා 02ක් ඊයේ (29) සුහද චාරිකාවක් සඳහා කොළඹ වරායට ළඟා වී තිබේ.

සෝමුද්‍ර අවිජාන් සහ සුමුද්‍ර ජෝයි නැමැති මෙම නෞකා දෙකෙහි බංග්ලාදේශ පුහුණු නෞකා සෙබළුන් සහ නිලධාරීන් ඇතුළු 511 දෙනෙකු සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

කොළඹ වරායේ රැඳී සිටින කාලය තුළ ඔවුන් වෙරළ පිරිසිදු කිරීම්, විවිධ ක්‍රීඩා ක්‍රියාකාරකම් සහ සංස්කෘතික වැඩසටහන්වලට සහභාගි වන අතර මෙරට නාවික හමුදාවේ කැඩෙට් නිලධාරීන් සමඟ සුහද සාකච්ඡාවලද නිරතවීමට නියමිතය.

මේ අතර අද (30) දිනයේ මෙරට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා එම නෞකාවන්හි නිරීක්ෂණ චාරිකාවකට නිරතවීමට නියමිතව තිබේ.

මෙම නෞකා 02ක ලබන මස 04 වනදා කොළඹ වරායෙන් නික්ම යන අතර ඔක්තෝම්බර් 09 වනදා වනවිට නැවතත් බංග්ලාදේශය වෙත ළඟාවීමට නියමිතය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment