'උතුරෙන් පිටවෙන්න': සිංහල ගමකට පහරදෙයි

'උතුරෙන් පිටවෙන්න': සිංහල ගමකට පහරදෙයි

වව්නියාව - කොක්එලිය රණවිරු ගම්මානයේ සිංහල වැසියන්ට එම ගම්මානයෙන් වහාම පිටව යන ලෙස තර්ජනය කරමින් පුද්ගලයින් පිරිසක් විසින් අවස්ථා 02කදී පරහරදීම හේතුවෙන් ඊයේ (29) එම ගම්මානය තුළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

කොක්එලිය රණවිරු ගම්මානයේ වැසියන් කියාසිටියේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් බවට සැකකෙරෙන සින්නවන් නමැත්තා සහ ඔහුගේ ගෝලයන් පිරිසක් ඊයේ තම ගම්මානයට පැමිණ එම ඉඩම් දෙමළ ජනතාවගේ බව පවසමින් වහාම ඉන් පිටවන ලෙස තමන්ට තර්ජනය කරමින් පහරදුන් බවයි.

පසුව ඔවුන් A9 මාර්ගයට පැමිණ තමන්ට සිදුවූ අසාධාරණයට සාධාරණයක් ඉටුකරදෙන ලෙසත් තමන්ට ආරක්ෂාව සලසා දෙන ලෙසත් ඉල්ලා සිට ඇත.

එම අවස්ථාවේදී සින්නවන් නමැත්තා ඇතුළු පිරිස පැමිණ තමන්ට යළිත් පහරදුන් බව ඔවුන් කියාසිටී.

ඒ හේතුවෙන් මෙම සිංහල වැසියන් පිරිස A9 මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවීමට උත්සහ දැරූ අවස්ථාවේ වව්නියාව පොලිස් නිලධාරීන් පැමිණ ඔවුන් සමඟ සාකච්ඡා කොට පහරදුන් පුද්ගයින් වහාම අත්අඩංගුවට ගන්නා බවට පොරොන්දු වී ඇත.

පොලීසිය එම ස්ථානයට පැමි‍ෙණන විටත් පහරදුන් පුද්ලයින් එම ස්ථානයෙව් පලාගොස් සිට ඇති අතර අදාළ පිරිස් අත්අඩංගුවට ගැනීමට වව්නියාව පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment