කථානායකවරයාගේ ජන්ම දිනය උතුරේදී සමරයි

කථානායකවරයාගේ ජන්ම දිනය උතුරේදී සමරයි

කථානායක කරු ජයසුරිය මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේදී උතුරු පළාත් ආණ්ඩුකා රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් ජන්ම දින සැමරුම් උත්සවයක් සංවිධාන කර තිබිණි.

එහිදී ජන්ම දින සැමරුම් පතක් පිරිනැමීම හා උපන් දින කේක් එකක් කපා කතානායකවරයාට දීර්ඝායුෂ හා නිරෝගී සැප සම්පත් ප්‍රාර්ථනා එක් කිරීමට ආණ්ඩුකාරවරයා කටයුතු කළේය.

මෙම අවස්ථාව සදහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් හාරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන්, පළාත් සභා මන්ත්‍රී අගිලදාස් යන මැති ඇමැතිවරුද අමාත්‍යංශ නිළධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment