ගුවන් හමුදාපති දළදා මාලිගාවේ සිටියදී ජපනෙක් ඩ්‍රෝන කැමරාවක් යවා කලබලයක්

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ සිටියදී මහනුවර වැව ආසන්නයේ සිට නියමුවන් රහිත ස්වයංක්‍රියව ගුවනේ සිට ඡායාරූප හා වීඩියෝ දර්ශන
ලබාගත හැකි  ඩ්‍රෝන කැමරාවක් උපයෝගී කර ගනිමින් ශ්‍රී දළදා මාළිගාවේ හා අවට ඡායාරූප හා වීඩියෝ දර්ශන ගනිමින් සිටි ජපන් ජාතිකයන් දෙදෙනකු මහනුවර පොලිසිය විසින් ඊයේ (29දා) අත්අඩංගුවට ගනු ලැබ ඇත.


මෙරට ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මේ විද්‍යුත් උපකරණ මෙරටට ගෙනැවිත් තිබේද යන්න පිළිබඳ පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. මහනුවර වැව රවුමේ සංඝරාජ මාවතේ සිට මේ ජපන් ජාතිකයන් දෙදෙනා අදාළ යන්ත්‍රය ගුවන්ගත කර තිබෙන අතර සිද්ධිය දුටුවකු පොලිසියට කළ දැනුම්දීමක් මත මධ්‍යම පළාත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් ගොස් ජපන් ජාතිකයන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර - කමල් සුරවීර
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment