නිල ඇදුම් වෙනුවට වවුචර් ලබා දීමේ ක්‍රමය හදුන්වාදුන්නේ පසුගිය රජය සමයේ සිදු වූ ගසා කෑම් අවම කිරීමට බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) පැවති උත්සවයකදීය.
පසුගිය කාලය තුළ අධ්‍යාපන අමාත්‍යංශයේ විවිධ මුදල් අවභාවිත කිරීම් සිදු වු බවත් ඒවා මඟ හැරීම සඳහා මෙම ක්‍රමය හඳුන්වා දුන් බවත් ඒ මහතා එහිදී කියාසිටියේය.
එමෙන්ම වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම මූලික කර ගනිමින් ඔවුන් ක්‍රියාකරන ආකාරය පිළිබඳව කණගාටුවට පත්වන බවද අමාත්‍යවරයා පැවසීය.
පසුගිය ආණ්ඩු සමයේ ජනපති ආර්යාවන් විසින් කොළඹ ප්‍රදේශයේ විවිධ පාසල්වලට ළමුන් ලැයිස්තු ගණනින් ඇතුළත් කළ බව පැවසූ අමාත්‍යවරයා පසුගිය ආණ්ඩු සමයේ මෙන් එවැනි සිදුවීම් යළි සිදු නොවන බව අවධාරණය කළේය.
0 comments :
Post a Comment