ත්‍රී රෝද පාරට දාන්න බලපත්‍රයක් - ප්‍රශ්න අවොත් බලපත අහෝසියි




මේ දක්වා පොලිස් බල ප්‍රදේශයේ වාහනය ලියාපදිංචිවීමට පමණක් නියම කර තිබුණ ත්‍රිරෝද රථ වල රියදුරන් සඳහා ද මගී ප්‍රවාහන බලපත්‍රයක්  අනිවාර්ය කරන්නට නියමිත බව

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ දන්වා සිටී. මෙය රියදුරු විසින් ත්‍රීෙරා්ද රථවල සෙනග ගෙනයාම සඳහා අවසරය ලබන බලපතකි.

මෙමගින් මහමග වැරදි කරන ත්‍රීරෝද රථ රියදුරන්ට තාවකාලික හා ස්ථිර තහනම් නියෝග පනවන්නට හැකි බලපතක් වනු ඇතැයි ආරංචි පවතී.
ඊයේ (24) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ත්‍රිරෝද රථ නියාමනය
කිරීමේ වැඩපිළිවෙලෙහි එක් අංගයක් ලෙස මෙය ක්‍රියාවට නංවන බවයි.
සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේන කියා සිටියේ ත්‍රිරෝථ රථ නියාමනය කිරීම යහපත් ක්‍රියාවක් වුවත්, එවැනි යාන්ත්‍රණයක් සැකසීමට
ප්‍රවාහන අමාත්‍යාංශයට බලයක් නොමැති බවකි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment