CSN තට්ටු 6 ගොඩනැගිල්ල UDA එකට පැවරේ






CSN තට්ටු 6 ගොඩනැගිල්ල UDA එකට පැවරේ

පසුගිය රජය සමයේ අති නවීන පහසුකම් සහිතව බත්තරමුල්ලේදී ඉදිකරන්නට යෙදුණ සීඑස්එන් නාලිකාවට අයත්ව තිබුණ ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට රජය තීරණය කර තිබේ.
මෙම ගොඩනැගිල්ල ඉදිකළ පර්චස් 30 ක පමණ වටිනා ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයත්ව තිබූ එකක් වන අතර
එය අධ්‍යයන කටයුතු සිදු කිරීමක් යයි පවසා අදාළ සමාගම අධිකාරියෙන් පවරාගෙන තිබී ඇත්තේ ඉඩමේ වටිනාකමින්

කොටසක් ගෙවීමෙ පදනමක් මතයි. කෙසේ වෙතත් අධ්‍යයන කටයුත්තක් වෙනුවට එහි ටීවී හා රේඩියෝ නාලිකා ආයතනයක් 2006 වසරේ ඉදිකර ඇති අතර මේ දක්වා අධිකාරියට ලැබිය යුතු මුදල් පවා ගෙවා නැත. මේ නිසා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම ඉඩම නැවත පවරාගන්නට තීරණය කර තිබේ.
මින් ඉහත සීඑස්එන් නාලිකාවේ වටිනා බාහිර පටිගතකිරීම් බස් රථයක් රාජසන්තක කර ජාතික රූපවාහිනියට පවරා ගන්නා ලදි.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment