ගම්පහට චන්ද්‍රිකාගෙන් ක්‍රීඩා සංකීර්ණයක්

ගම්පහට චන්ද්‍රිකාගෙන් ක්‍රීඩා සංකීර්ණයක්
ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය සඳහා මුල්ගල තැබීම හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සුරතින් හෙට (2‍6) පෙ.ව. 10.30 ට වතුපිටිවල මහජන ක්‍රීඩාංගන පරිශ්‍රයේදී සිදු කෙරේ.
 
ගම්බද සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සඳහා දොරගුළු විවර කරමින් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.
 
බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment