පොසොන් පෝදා මිහින්තලේ දී සුරා සාජ්ජයක නියැළුණ දේශපාලකයින්


පොසොන් සමයේ මිහින්තලය පූජා භූමියේ හා ඒ අවට මත්පැන් පානය කිරීම තහනම් කලාපයක් කර තිබිය දී මිහින්තලය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පොසොන්
පොහොය දින (28දා)

රාත්‍රීයේ මත්පැන් සාජ්ජයක් පවත්වමින් රාජකාරී කටයුතුවල නිරත වූ සභාවේ උසස් නිලධාරියකු ඇතුළු සේවකයන් පිරිසකට බාධා කළ බව වාර්තාවේ.

පොදුජන පෙරමුණෙන් මිහින්තලා ප්‍රාදේශීය සභාවට තේරීපත්ව සිටින ළාබාල මන්ත්‍රීවරයකු හා තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පොසොන් පොහොය දින රාත්‍රීයේ මත්පැන් ගෙනවිත් සභා පරිශ්‍රයේ තබාගෙන සාජ්ජයක් පවත්වද්දී අනුරාධපුර බන්ධනාගාරයේ ජේලර්වරුන් යැයි කියා හඳුන්වා දුන් දෙදෙනකු සාජ්ජයට සහභාගිවීමට පැමිණ සභා පරිශ්‍රයට ඔවුන්ගේ මෝටර් රථය ඇතුළු කිරීමට ගිය අවස්ථාවේ මන්ත්‍රීවරයා හා සේවකයන් අතර උණුසුම්කාරී තත්ත්වය මතුවූ බව කියැවේ.

ඊයේ දිනයේ මිහින්තලා ලේක් හවුස් ආලෝක පූජාවට ජනාධිපතිතුමා හා අගමැතිතුමා පැමිණිම නිසා හදිසි අවස්ථාවක් ඇති වුවහොත් භාවිතා කිරීම සඳහා ගිනි නිවන රථයක් ඇතුළු ජල බවුසර දෙකක් සභා භූමියේ ස්ථාන ගතකර තිබියදී මත්පැන් සාජ්ජයට සහභාගී වූ බව කියන අනුරාධපුර බන්ධනාගාරයේ ජේලර්වරුන් දෙදෙනකුගේ මෝටර් රථය සභා භූමියේ ඉදිරි පසින් නවතා ලීමට ඉඩ නොදීම සමඟ මන්ත්‍රීවරයා ඊට කිපී යකා නටා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment